Natural Bridge ස්වාභාවික පාලම

ලොව විශ්මිතම සිවිල් ඉංජිනේරු නිමැවුමක් ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ චෙර්රාපුන්ජි ප්‍රදේශයේ දක්නට ඇත. ඝන වැසිවනාන්තර හා ගංගා ඇළ දොළ ගණනාවකින් යුත් මෙම පරවක දේශයේ ජීවත් වන ජනතාව තමන්ගේ ගමට අවශ්‍ය පාලම් සෑදීම වෙනුවට පාලම් වවනු ලැබේ. එම ප්‍රදේශයට ආවේනික රබර් ශාඛයක මුල් හා වැල්, ඇතුළත ශුද්ධකරන ලද උණබට වල ආධාරයෙන් එක් පැත්තක සිට අනෙක් පැත්ත දක්වා වවනු ලබන අතර, වසර ගණනාවකින් අනතුරුව මේවා ශක්තිමත් ස්වභාවික පාලම් බවට පත්වේ.

වසරකට මීටර 15ක් පමණ වර්ෂාපතනයක් ලබන චෙරාපුන්ජි ප්‍රදේශයේ හි සාම්පර්ව දායික ලී පාලම් ඉක්මනින් ම දිරාපත් වන හෙයින් මෙම පිළියම යොදා ඇත. මෙම පාලම් වැවීමේ ක්‍රමය මීට වසර 500කට පෙර ආරම්භ වී ඇත.


මෙම පරලම දේශයේ ඇති ඇතැම් පාලම් අඩි 100කට වඩා දිගින් යුක්ත වන බවත් ඒවා මතින් එකවර පුද්ගලයන් 50කට පමණ ගමන් කළහැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.


ගෙවල් බින්ද හොරා ඇල්ලූ හැටි අපූරුයි

හොරණ උසාවියේ තෝල්කමුදලි ඊළඟ නඩුවේ පැමිණිලිකරුගේ සහ විත්තිකරුගේ නම් හඬනඟා කියවීය. සෝමදාස පැමිණිලිකරු වූ අතර අසල්වැසියා වූ විජේපාල විත්තිකරු විය. පොලිස් නිලධාරියකු ද පැමිණිල්ලට සහාය වීමට පසෙකින් සිටියි.

විනිසුරුතුමා - මොකක්ද මේ නඩුව?

පොලිසිය - ගෙවල් බිඳුමක් ස්වාමීනි, මේ විත්ති කූඩුවේ සිටින තැනැත්තා පැමිණිලිකරුගේ ගේ බිඳලා දේපොල සොරාගෙන.

විනිසුරුතුමා - තමා මේ ගේ බිඳීම පිළිබඳව වැරැදිකරු ද, නිවැරැදිකරු ද?

විජේපාලගේ නීතිඥ මහතා - අපි ඒ ගේ බින්දෙ නැහැ ස්වාමීනි, අපි නිවැරැදියි.
විනිසුරුතුමා පොලිස් නිලධාරියා අමතා, මේ සම්බන්ධව සාක්‍ෂි තිබෙනවාද?

පොලිසිය - ඔව් ස්වාමීනි, අපේ බල්ලා ඔහුගේ නිවෙසට ගියා.

විත්තිකරු - අනේ හාමුදුරුවනේ, ඒ සිද්ධිය සිදුවුණු හැටි ඇත්තම කියන්නම්. අපේ ගේ මේ පැමිණිලිකරුගේ නිවෙසට අල්ලපු නිවෙසයි. එදා පොලිසියෙන් බල්ලා අරගෙන එන විට අපේ බල්ලා බුරාගෙන පැන්නා.
මම අපේ බල්ලා අල්ලාගෙන ගෙට අරගෙන ගියා. ඒත් ස්වාමීනි, ඌ අපේ ජනේලයකින් ඔළුව එළියට දමාගෙන පොලිස් බල්ලාට බිරුවා. එය දැකපු පොලිස් බල්ලා රාළහාමිවත් පෙරළාගෙන අපේ බල්ලා සිටින දිහාවට දුවගෙන ආවා.  ඌ ආවේ හොරු අල්ලන්න නෙමෙයි, බල්ලත් එක්ක පොරකන්නයි. රාළහාමි පෙරලුණු නිසා කේන්තියට මාව අල්ලගෙන ආවා.

උසාවියේ සිටි සියලු දෙනාටම මෙන්ම විනිසුරුතුමාට ද සිනහ මතුවිය. ඔහුගේ ප්‍රකාශය පිළිබඳව දීර්ඝව විමසා බලා ඔහු පැවසු දේ සත්‍ය බව වැටහීමෙන් පොලිසියට තදින් අවවාද කර විත්තිකරු නිදහස් කෙරිණි.

ජංගම දුරකථනයේ ශබ්දයට පණ එපා කියා දුවලා

යම් කටයුත්තක් සඳහා අසල වන රොදකට ගිය තරුණයකු දුරථනයෙන් ඇසුණු අමතු ශබ්දයක් හේතුවෙන් පණ එපා කියා අසල විහාරස්ථානයකට දිව ගිය රසවත් පුවතක් පසුගියදා කුරුණෑගල නගරයෙන් තරමක් දුරින් පිහිටි ප්‍රදර්ශනයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. නිමල් රාජ්‍ය සේවයේ නිලධාරියෙකි. එදා සෙනසුරාදා දිනයක්වූ බැවින් ගැබ්බර බිරියට උදව්වක් පිණිස දර ටිකක් එකකු කර ගැනීමට අසල වන රොදට ගියේ, ජංගම දුරකතනද සිය කලිසම් සාක්කුවේ දමාගෙනය.
නැමී දර එකතු කරන්නට විය. ටික වේලාවක් ගත විය. එක් වරම ඉතා විශාල ශබ්දයක් ඇසෙන්නට විය. නිමල් වට පිට ද බලන්නට විය. කිසිවක් පෙනේනට නොමැත. තරමක් තැති ගැනීමක් ඇති විය. බිය ද දෙගුණ තෙගුණ විය. දර කැඩීම ද අමතක විය. පය ඉක්මන් කර ගෙදර දෙසට ගියද පාර අමතක විය. ශබ්දය තවත් වැඩි විය.

බුදු අම්මෝ දෙබර කුඩයක් ඇවිස්සාල මා පිටිපස්සෙන් එනව... මා... බේරා ගනියෝ යැයි කියමින් නිමල් දුවන්නට විය. ඉතා වේගයෙන් දුව ගොස් අසල පන්සලට ගොඩ විය. අනේ.... හාමුදුරුවනේ මාව බේරා ගන්න.. දෙබරු ගොඩක් මාගේ පන්සෙන් එනවා. “මහත්තයා කලබල වෙන්න එපා දෙබරු පේන්න නැහැ.

ශබ්දය එන්නේ මහත්තයාගෙ ඇගෙන් යැයි පන්සලේ හාමුදුරුවන් නිමල්ගේ සාක්කුවේ තිබූ ජංගම දුරකතනය අතට ගෙන මහත්තයා ශබ්දය ආවේ මේකෙන්. කලබල වෙන්න එපා යැයි කියූ පංසලේ හාමුදුරුවන් නිමල්ට වතුර වීදුරුවක් දී පැවසුවේය. පසුව සොයා බලන විට සිදු වී තිබුණේ දර කඩන විට කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුකතනයේ ගුවන් විදුලිය යන්ත්‍රය අපැහැදිලි ලෙස ක්‍රියාත්මක වීමෙනි. මේ රහස පන්සලේ ඇබිත්තයා මගින් ගමේ අන් අය ද දැනගෙන තිබේ.