නැමී දර එකතු කරන්නට විය. ටික වේලාවක් ගත විය. එක් වරම ඉතා විශාල ශබ්දයක් ඇසෙන්නට විය. නිමල් වට පිට ද බලන්නට විය. කිසිවක් පෙනේනට නොමැත. තරමක් තැති ගැනීමක් ඇති විය. බිය ද දෙගුණ තෙගුණ විය. දර කැඩීම ද අමතක විය. පය ඉක්මන් කර ගෙදර දෙසට ගියද පාර අමතක විය. ශබ්දය තවත් වැඩි විය.බුදු අම්මෝ දෙබර කුඩයක් ඇවිස්සාල මා පිටිපස්සෙන් එනව... මා... බේරා ගනියෝ යැයි කියමින් නිමල් දුවන්නට විය. ඉතා වේගයෙන් දුව ගොස් අසල පන්සලට ගොඩ විය. අනේ.... හාමුදුරුවනේ මාව බේරා ගන්න.. දෙබරු ගොඩක් මාගේ පන්සෙන් එනවා. “මහත්තයා කලබල වෙන්න එපා දෙබරු පේන්න නැහැ.
ශබ්දය එන්නේ මහත්තයාගෙ ඇගෙන් යැයි පන්සලේ හාමුදුරුවන් නිමල්ගේ සාක්කුවේ තිබූ ජංගම දුරකතනය අතට ගෙන මහත්තයා ශබ්දය ආවේ මේකෙන්. කලබල වෙන්න එපා යැයි කියූ පංසලේ හාමුදුරුවන් නිමල්ට වතුර වීදුරුවක් දී පැවසුවේය. පසුව සොයා බලන විට සිදු වී තිබුණේ දර කඩන විට කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුකතනයේ ගුවන් විදුලිය යන්ත්‍රය අපැහැදිලි ලෙස ක්‍රියාත්මක වීමෙනි. මේ රහස පන්සලේ ඇබිත්තයා මගින් ගමේ අන් අය ද දැනගෙන තිබේ.