ණයක්


පොල් ලෙලි ලොරිය දැක මඟුලක් තීන්දු කරගෙන

පොල් ත‍්‍රිකෝණය පැත්තේ කතාවකි. ඇය රූමත්ය. උගත්ය. තවමත් අවිවාහක වියෙහි පසුවූයේ උගත්කමට ගැලපෙන කෙනෙකු නැති නිසායැයි බොහෝ දෙනෙක් කීහ.
අද කාලේ උගත්කම තිබුණට මදී වත් පොහොසත් කමක් තියෙන තැන් තමයි පිරිමි හොයන්නේ නැතිනම් දැන් හත් අට දෙනෙක්ම ආවානේ පවුලේ ඇතැම් වැඩිහිටියෝ එසේ කීහ. ඒ අනුව කටයුත්ත කපුවෙකුට පැවරුයේය. පසුදින වෙනස්කම් රැ‍සක් ගෙවත්තේ සිදු කළේය.


පොල් ලෙලි ලොරි දෙකක්ද වියළි පොල් අතු ලොරියක්ද ගෙවත්තේ ගොඩගැසුණේ කපුවාගේ උපදෙසිනි. දින තුනක් ගෙවුණේය එදින නිවාඩු දිනයකි.


මනාලිය බැලීමට තවත් පිරිසක් පැමිණියහ. ඔවුන් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකය. ගෙවත්තට ඇතුළු වෙද්දීම විශාල පොල්ලෙලි ගොඩකි. තවත් පසෙක පොල් අතු ගොඩකි.


ගෙවත්තේ පොල්ගස් කිහිපයක් පමණක් තිබුණ ද විශාල ආදායමක් ඇති පොල්වත්තක් ඇති බව බලන්නෙකුට පෙනුනේය.


පැමිණි අමුත්තන් සතුටින් ඉපිලී ගොස් ඇති බව පෙනී ගියේය. ඒ පොල් ලෙලි ගොඩ සහ පොල් අතු ගොඩ දැකීමෙනි.


වරෙකට පොල් කොච්චරක් විතර කැඩෙනවද පැමිණි වැඩිහිටියෙක් ඇසීය. කියන්න බෑ ඔය සුළු ගණනක් කැඩෙනවා. නිවැසියෙක් කීවේය.


ඔය ඔහොම කීවාට වාරෙකට ගෙඩි හත් අට දාහක් විතර කැඩෙනවා ඇති ආදායම් වැඩිපුර තියෙන අය ඒවා කියන්නේ නෑනෙ.


අපේ කොල්ලගේ වාසනාව තියෙන්නේ මේ පැත්තේ තමයි. මනාල පාර්ශවයේ වැඩිහිටියෙක් කීවේය. කටයුත්ත තීන්දු විය.


පසුදින හිස් ලොරි දෙකක් පැමිණ පොල්ලෙලි ගොඩ සහ පොල් අතු නැවත පටවාගෙන ගොස් තිබිණි.

මේක ඇත්තද?


කණුව බලාගෙන

ඔන්න එක ගෑණු කෙනෙක් මරුනලු .

මේ ගෑණු කෙනාගේ මිනිය ගෙදෙරින් උස්සනකොට මිනී පෙට්ටිය කණුවක වැදිලා බිමට වැටුණා 


මෙන්න බොලේ ගෑනිට පන අවාලු .ඔන්න ඔහොම පණ අපු මේ ගෑණු කෙනා තව අවුරුදු 15 විතර ජීවත් වෙලා ආයි මලා . 


ඔන්න ඒ වෙලාවේ මේ ගෑණු කෙනාගේ මිනී පෙට්ටිය උස්සද්දී මිනිහා ඉස්සරහට ඇවිල්ලා "හෝව් හෝව් බලාගෙන ඔය කණුව "

අන්න බොස්ලා

බොස් තම සේවකයාට :- නිමල් ඔක්කොම වැඩ පැත්තකට තියලා washroom එකට ගිහින් *තේ ගහලා එන්න

නිමල් :-හ්ම්ම්ම් හොදමයි සර්
(නිමල් විනාඩි පහකින් බෝස්ගේ කාමරයට එයි)

නිමල් :- හරි සර් හොදට ගැහුවා

බොස් :- හරි එහෙනම් ආයි පාරක් කලින් සැරේට වඩා හොදට ගහලා එන්න

නිමල් :- විනාඩි කිහිපයකට පසු, හරි සර් හොදටම ගැහුවා
බොස් :- නැහැ නැහැ ආයි පාරක් ගහලා එනවා

නිමල් :- අනේ අම්මෝ මට නම් පණ නැහැ සර් 


බොස් :- බොහොම හොදයි මෙන්න කර් එකේ යතුර , මගේ දුවව ගෙදෙරට ගිහිල්ලා බස්සලා එන්න

ආරියපාල


නෙළුම් පොකුණ



කොට්ටාවෙන් 138 කට ගොඩවෙලා වම් පැත්තේ සීට් පේලියේ අයිනක් අල්ල‍ලා වාඩිවුනේ ‍අවුව වැටන්නේ දකුනු පැත්තට නිසා .

තුම්මුල්ලට එනකම්ම හැමදේම සාමාන්්‍යයි ....... නෝමල් බස් එකක්ම තමයි .

මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ ඉන්න කොළුගැටව් දෙන්නෙක් බර කථාවක . සෑහෙන් හෙමීට කථාව , කොච්චර හෙමින්ද කියනවනම් සෙට් එක මහ සද්දෙන් කෑගැහුවත් වැඩියෙන්ම සද්දෙට ඇහෙන්නේ මුං දෙන්නගේ කටේ සද්දේ , ඉපදෙන්න කලින් අම්ම පන්සලට ඝාන්ඨාරයක් පූජා කරන් ඇති කියලා මං හිත හදා ගත්තා , අනික ඇහුනත් මං ඔය අනුන්ගේ කථා අහන ජාතියේ නෙවෙයි .උවමනාවෙන්ම අනුන්ගේ ආතල් වලට කණ දෙන්න හදන උනුත් ඔන තරම් ..... මාව ඒ ගනයට දාන්න එපා ඈ .

මුන් දෙන්නා පට්ට ආතල් බුවෝ දෙන්නෙක්, තේරුන විදිහට කොහේ හරි දුර පලාතකි කොළඹට ඇවිත්‍ ‍තියෙන්නේ ලඟදී .

තුම්මුල්ලෙන් තර්ස්ටන් පාරට හරවපු බස් එක බ්‍රිජට් කොන්වන්ට් එක ලඟට ඇවිත් නැවත්තුවා .
දැන් අරුන් දෙන්නගේ කථාව අල්ලපු බස් එකටත් ඇහෙනවා .....

" අම්මට සිරි මේ මොකද්ද බං මේ බිල්ඩින් එක " ඉස්සරහා සීට් එකේ හිටපු එක කොල්ලෙක් අනිකගෙන් ඇහුවේ බ්‍රිජට් එක ඉස්සරහම තියෙන ලො‍කුම ලොකු ගොඩ නැගිල්ල අනිකට පෙන්න ගමන් .

" ඒ නෙළුම් පොකුණනේ බං ..... ඇයි උඹ ටීවි එකේ දැකලා නැද්ද " ඒ අනිකා.
" අම්මට සිරි ....... එහෙමද !!!! "
" හ්ම් හ්ම් ..............."
" මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
" පිස්සුද !!!!! ඔය තියෙන්නේ ඒක තමයි "
" සිරා නේ බං.................... නෙළුම් පොකුණ ........ එතකොට ඔය බිල්ඩින් එකේ නම මොකද්ද බං .... එකටත් නමක් ඇතිනේ . "
" මොකා........" අනිකා මොල් වෙලා ගියා .
" මුන් හරක්නේ බං .... මෙච්චර තඩි බ්ල්ඩිමක් ගහලා පොකුණට විතරක් නම දාලා.................."

අනිත් එකා මූ දිහා තක්කු මුක්කු වෙලා වගේ බලාන හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරිව වෙන්න ඇති . ඌ කියපු දේ ඇහුනේ නැත්තේ ටවුන් හොල් එක ලඟින් මට බහින්න වුන නිසා .


ප.ලි - ඔන්න අපේ රටේ මිනිස්සු‍න්ගේ විචාර බුද්ධියේ තරම . මොඩයො ඉන්නව තමයි . ඒත් මේ තරං.

ප.ප.ලි - බ්‍රිජට් කොන්වන්ට් එක ඉස්සරහා තමයි නෙළුම් පොකුණ රඟහල තියෙන්නේ ඈ.....................