මදුරුවා

දවසක් හැඩ පොෂ් කෙල්ලක් කොටම කොට සායක් ඇදගෙන බස් එකකට නැග්ගලු.

හැමෝම බලන්නේ ඉතින් කෙල්ලගේ කකුල් දෙක දිහාලු. (පෙන්නන එකේ බැලුවම මොකෝ) ශීට් එකක් නැති නිසා කෙල්ල හිට ගෙනලු හිටියේ.


ටික වෙලාවක් ගියාම අම්මට සිරි එකපාරට කුපාඩි මදුරුවෙක් ගියාලු කෙල්ලගේ සාය අස්සට. දැන් ඉතින් කෙල්ලට කිචි වගේ

මදුරුවා කනවටත් බයයි, ඩෙංගු මදුරුවෙක්ද දන්නෙත් නැනේ.

කෙල්ල දැන් ඉතින් මදුරුවා කනකොට ඉවසා ගන්න බැලුව එහෙට අබරෙනවලු මෙහාට අබරෙනවලු. (සීන් එක මවලා මතක් කර ගන්න එකයි ඇත්තේ)


අම්මට සිරි, කෙල්ල අඹරන ඇම්බරිල්ලට කෙල්ලට ගියාලු මෙච්චර වෙලා හිර කරගෙන හිටපු පත පඩයක් "ඩොන්" ගාල මහා සද්දෙට. කෙල්ලට ඉතින් වස ලජ්ජාවලු. ඇයි ඉතින් සේරම බලන් ඉන්නේ මේ සීන් එක දිහා නේ.

කෙල්ල ගාව වැඩිවෙලා හිටිය සීයා කෙනෙකුත් මේක බලන් හිටියලු. සීයා කියාපි හැමෝටම ඇහෙන්න...

"අන්න හරි දුවේ, ඩෙංගු මදුරුවෝ තියන්න එපා. අඹරලා බැරි නං වෙඩි තියලා හරි මරලා දාන්න ඕන"

කෙල්ල බෙල් එක ගහල ඊලග හෝල්ට් එකෙන්ම බැස්සලු.

මටත් එහෙමම තමයි

අවන්හලකට ගොඩවුණු සිරිපාල, හිස් මේසයක් නොතිබුණු නිසා එක් අයෙක් පමණක් සිටි මේසයක් ඉදිරිපිට වාඩි වුණා.
වීදුරු දෙක තුනක් හිස් වෙද්දී දෙදෙනා තම තමන්ගෙ වංහුං කථා කරලා හිතවත් වුණා විතරක් නෙමෙයි එකිනෙකා වෙනුවෙන් බීම ඇණවුම් කරන්නත් පටන් ගත්තා.

රෑ දහය පහු වුණු ගමන් එක් අයෙක් නැගිට්ටා. අනෙකා විමතියෙන් ඔහු දිහා බැලුවා. ඇයි මචං නැගිට්ටේ? බාර් එක වහන්ඩ තව පැයක් තියෙනව නෙ. ඔහු ඇහැව්වා.

මම දැන් යන්ඩ ඕනෙ. මොකද දන්නව ද? ඩ්‍රින්ක් එකක් දැම්මාම මට අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩම ඕනෙ. අනෙකා පිළිතුරු දුන්නා.


ඉතින් මටත් එහෙමනෙ. අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩ නං ඩ්‍රින්ක් එකක් දාන්ඩම ඕනෙ.ඔහු කිව්වා.

ගම්බද ලියන් සුරතින් අරගෙන බට්ට

ගම්බද ලියන් සුරතින් අරගෙන බට්ට
ගසනා විටදී කැඩුනා බට්ටේ නට්ට
මොනව කරන්නද පොල්ගහවෙල ඩොක්ට
ඇරියා පුකේ විසි උනා හුත්තෙන් බට්ට

ගම්මානේ ඉන්න අවිහිංසක ළඳුන් කිසිවක් කර ගත නොහී කලිහී බටු ගෙඩියක් ගෙන ගසා ගත් අතර චූන් එක වැඩි කමට බට්ටේ නට්ට ගැලවී ඇත. එයට පිළියම් ලෙස ඩොකා පුකේ ඇර ඇත. එවිට බට්ට විසි වී ඇත

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය

මේ කියු එකාගේ කට  කෑවත් මදිය


ඉක්මන් උනු එකා ලඟ බඩු හත අටය


බඩුවක් නොමැති මා තවමත් කොට උඩය

ඒ මමම තමා

රෑ එකොළහට අවන්හල වැහැව්වාම සිරිපාල ගෙදර ආවේ, එදා අවන්හලේ දී හඳුනාගත් ගුණපාලත් එක්ක. සාක්කුවට අතදාලා යතුරත් අතට ගත් ඔහු කළුවරේම දොර ඇරලා බිත්ති අතපත ගාලා, ලයිට් එකක් දල්වලා ගුණපාලට කථා කළා.

ගුණේ මේ තියෙන්නේ මගේ ගෙදර. මේක තමයි මගේ සාලෙ. අර තියෙන්නේ මගේ ටීවී එක. මම ටීවී බලන්නේ, පත්තරයක් කියවන්නේ මේ හාන්සි පුටුවේ දිගැදිලා.


ඊළඟට ඒ කිට්ටුව තිබුණු කාමරයකට ඇතුළු වුණු ඔහු එහි විදුලි බල්බය දැල්වුවා. ඒ කාමරේ මැද තිබුණු ඇඳක නිදා සිටි ස්ත්‍රියකට ඔහු අත දික්කරලා මෙහෙම කිව්වා.


මේක අපේ නිදන කාමරය. මේක තමයි අපේ නිදන ඇඳ. ඔය නිදා ඉන්නේ මගේ වයිෆ්.


එතකොට අර කවුද? ගුණපාල ඇස් ලොකු කරලා අත දික්කළේ සිරිපාල ගේ බිරිඳ ළඟම ඇයට තුරුළු වී නිදා සිටි අයකු පෙන්වමිනි.


ඉතින් ගුණේ ඒ මම නෙ. වෙන කවුද මගේ ඇඳේ ඉන්නෙ? සිරිපාල පිළිතුරු දුන්නා.

ඒ මං නෙමෙයි

මේ ඉලන්දාරියා, මීට පස්සේ තමන්ගෙ නෝනව ඉඹින කොට ගෙදර දොරවල් විතරක් නෙමෙයි ජනෙලුත් වහන්ඩ මතක තියා ගන්නවා. ඊයෙ හවස මං ජනේලෙන් ඔක්කොම බලාගෙන. අල්ලපු ගෙදර කුරේ අන්කල් අරුණට කීවේ ඔලොක්කු සිනහවක් මුවඟට නංවා ගනිමිනි.

හහ් හහ් අන්කල්ට ලොකු වැරදීමක් වෙලා. අරුණ නොනවත්වාම සිනා සෙන්නට විය.

ඇයි... කුරේ ඇසුවේ පුදුමයෙනි.

ඊයේ මං ගෙදර හිටියේ නෑ.අරුණ කීවේ සිනාව මැදිනි.

පොලිසියේ අලුත්ම පරීක්ෂණය




සර්කස්කාරයෙක් ඔහුගේ ඊළඟ සංදර්ශනය සඳහා යද්දී පොලිසිය විසින් ඔහු පදවා ගෙන ගිය මෝටර් රථය නතර කරන ලදී.

මේ ගිනිකූරු සහ පන්දම් ඔබේ රථයේ තියාගෙන ඉන්නේ ඇයි ? කියා පොලිස් නිලධාරියෙක් සර්කස්කරුගෙන් විමසා සිටියේය.


මම මගේ රංගනයේදී කටින් ගින්දර පිට කරනවා සර්කස්කරු පිළිතුරු දුන්නේය.

 
ආ. . . ඇත්තද ? පොලිස් නිලධාරියා සැකයෙන් කීවේය.ඒක කරලා පෙන්නන්න බලන්න

සර්කස්කරු ඉතා දක්‍ෂ අයුරින් කටින් ගින්දර පිට කරමින් රංගනයේ යෙදුණේය.


මේ අවස්ථාවේ එතැනින් යමින් සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ වාහනය මොහොතකට නතර කොට ඒ දෙස බලා සිටියහ.වෝව් ! රියැදුරු අසුනේ සිටි පුද්ගලයා ඔහුගේ බිරියට කීවේය.


හොඳ වෙලාවට මම විස්කි බීම නැවැත්තුවේ.බලන්නකෝ පොලිසිය දැන් දෙන පරීක්ෂණ දිහා.

බලු මිතුරා

සීනුව වැදුනු පසු ඉදිරි දොර වෙත ගිය චන්ද්‍රසේනට හමුවූයේ පැරණි මිතුරෙකු වූ මිත්‍රසේනයි. 

අප්පේ උඹව දැකපු කල්. වරෙං ඇතුළටයි කී විට මිත්‍රසේන සමඟ කිළුටු පෙනුමක් ඇති බල්ලෙක්ද නිවසට ඇතුළුවිය.

ඉතිං මචං දැන් උඹ මොනවාද කරන්නේ, කියපංකෝ විස්තර.


මෙසේ කතා කරමින් සිටියදී මිත්‍රසේන සමඟ පැමිණි බල්ලා නිවස තුළ එහේ මෙහේ දුවපනිමින් මුලින්ම කනප්පුව මත තිබූ වීදුරු මල්වාස් එක බිම දමා බිඳ දැම්මේය. ඉන්පසුව නිවස පුරා දුවපනිමින් වීදුරු බඩු කිහිපයක්ම බිඳ දැමීමට සමත්විය. ඉන්පසුව මිත්‍රසේන හිඳ සිටි සෝපාව මතට මඩ තැවරුනු පාද සහිතව පැන හොඳට හරි බරි ගැසී නිදාගැනීමට සැරසුණේය.


මේ සියල්ල ඉවසා සිටි චන්ද්‍රසේන මචං මිත්තරේ උඹේ බල්ලාව මීට වඩා හොඳට හැසිරෙන්න පුහුණු කළානම් හොඳයි නේද?යි ඇසීය.


එවිට මිත්‍රසේන මගේ බල්ලා,? මම මෙතෙක් වේලා කේන්තියෙන් තමයි බලා හිටියේ මේ උඹේ බල්ලා නෙවෙයිද? පුදුමයට පත්වෙමින් ඇසීය.

සමාවට කාරණයක්

සැඳෑ කාලයේ තම ස්පෝට්ස් කාරයෙන් ගමන් කරමින් සිටින පුද්ගලයෙකුට වේගයෙන් සිය රථය පැදවීමට ආශාවක් ඇති විය. ඔහු රථයේ වේගය පැයට සැතපුම් 120 දක්වා වැඩි කළේය.

ඒ සැණින් ඔහු පිටුපසින් රතු හා නිල් ලයිට් පත්තු වනු ඔහු දිටීය. පොලිස් වාහනයට අහු නොවී පලා යාමට තීරණය කළ ඔහු තත්පර කිහිපයකට තම රථයේ වේගය තවත් වැඩි කළද අවසානයේ නුවණ පෑදී මාර්ගයේ පසෙකින් රථය නතර කළේය.


ඔහුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරියෙක් පැමිණියේය.


මේ බලනවා ! උදේ ඉඳන් වැඩ කරලා මට හරි මහන්සියි පොලිස් නිලධාරියා කියා සිටියේය.අද දවසට මගේ අන්තිම රාජකාරිය මේකයි. මට තවත් පෝර්ම පුරව පුරව ඉන්න කැමැත්තක් නැහැ.


ඔබ ඔය ආකාරයෙන් රිය පැදවීම ගැන මම වෙනත් අයගෙන් මීට ඉස්සර අහල නැති සමාවට කාරණයක් ඔබට දෙන්න පුළුවන් නම් ඔබට යන්න පුළුවනි
.

මදක් කල්පනා කළ රියැදුරු මෙසේ කීවේය.


ම්. . . ගිය සතියේ මගේ බිරිය පොලිස්කාරයෙක් එක්ක පැනලා ගියා. ඔබේ කාරය දැක්කම එයා ආපහු ඇයව මට බාර දෙන්න උත්සාහ කරනවා කියලා මට බය හිතුණා


ඔබට සුබ රාත්‍රියක් ! දැන් යන්න පොලිස් නිලධාරියා කීවේය.

තෑග්ග

 
ගෙහිමියා : තමුසේ ජොබ් එක හොඳට කළා. දැන් ගෙදර ලස්සනට තියෙනවා. ඉතාම හොඳට බිත්තිවල හුනු ගාලා තියෙනවා. තමුසෙට පොරොන්දු වුනාට වැඩියෙන් මෙන්න රුපියල් 1500/=ක් තියෙනවා. නෝනත් එක්ක බයිස්කෝප් එකක් බලන්න යනවා.

පසුවදා හැන්දෑවේ නිවස ඉදිරියට පැමිණ, ඉතාම හොඳ පිරිසුදු ඇඳුමකින් සැරසුනු බාස් උන්නැහේ දොරට තට්ටු කළේය.

දොර විවෘත කළ ගෙහිමියා,ආ බාස්උන්නැහැ මොකද මේ යි ඇසීය.

නෝනා ලැහැස්තිද? මම බයිස්කෝප් බලන්න එක්ක යන්නයි ආවේ යි බාස් ඉතාම උනන්දුවෙන් කීවේය.


අවංක බිරිඳ

හර්ෂන ගම්බද පෙදෙසක සේවය කරන පොලිස් නිලධාරියෙකි. ඔහූ ජීවත් වූයේද එම ගමේමය. දිනපතා උදෙන්ම වැඩට යන නිවසට පැමිනෙන්නේ ගොම්මන් වේලාවටය.

දිනක් හර්ෂනගේ අසල්වැසියෙක් වූ සිරිසේන ගමේ තැපැල්කාරයාව බෙල්ලෙන් ඇදගෙන පොලීසියට ඇවිත් මෙසේ මොරදුනි.
"හර්ෂන රාළහාමි, මේන්න මේකා අද මගේ ගෑණිත් එක්ක ඉඳලා මගේ අතටම අහු උනා. මම එවෙලෙම දෙන්නවම කැත්තෙන් කොටන්න හදද්දි ගමේ උන් මාව නැවැත්තුවා. උන්ගෙ වචනෙටයි මම මූව පණපිටින් පොලීසියට ගෙනාවෙ. නැත්තම් දෙන්නවම මම මෙලහකට එලොවට යවලා."

"හරි, දැන් සිරිසේන අයියා පැමිණිිල්ලක් දාලා කට උත්තරයකුත් දීලා යන්න. අපි ඉතුරු හරිය බලාගන්නම්" හර්ෂන පැවසීය.

කට උත්තරයෙන් පසු හර්ෂන වෙත පැමිනි සිරිසේන,
"රාළහාමි මම යනවා අපේ එකීගෙ විසේ මට්ටුකරන්න. ඒකිට අයේ පිරිමි සංහතේ එපා වෙන්නම අද දෙනවා!!! රාළහාමි ඕකට කිසි බුරුලක් දෙන්න එපා! උපරිම දඬුවම ඕනා!!" යැයි පැවසීය.

පොලිස් නිලධාරීන් පැය කිහිපයක් පමණ තැපැල්කාරයාව ප්‍රශ්න කලහ. මුලදී ඔහු කතා කිරිමට අදිමදි කලද, සංග්‍රහ ලබා දුන් පසු ඔහු සියල්ල වැමෑරීය. එයින් පොලීසියට තැපැල්කාරයාගේ සෙල්ලම් බොහොමයක් දැනගත හැකිවිය.

එදින රාජකාරි අවහර වී නිවසට පැමිණි හර්ෂන, "නෝනෙට ආරංචිද? අද සිරිසේනගෙ ගෑණිගෙයි තැපැල්කාරයාගෙයි පලහිලව්ව??" යැයි ඇසීය.

"ඇයි නැත්තෙ!, සිරිසෙන කැත්ත අතේ අරං තැපැල්කාරයව පාර දිගේ එලෙව්වා. කඩමන්ඩියෙ කට්ටිය තමා මිනිහව මෙල්ලකරගත්තෙ. ඕක දැන් මුලු ගමම දන්නවා!!" හර්ෂනගෙ බිරිඳ පිළිවිසියාය.

"ඒක නෙමෙයි නෝනෙ ලොකුම කතාව! තැපැල්කාරයා යකාගෙ කතාවක් කිව්වා, මිනිහා කියනවා මිනිහා මෙ පාරෙ එක ගෑණියෙක් හැරෙන්න අනිත් හැම ගෑනිත් එක්කම මාරුවෙන් මාරුවට නිදාගන්නවලු" හර්ෂන පැවසීය.

මෙය අසා ටික වෙලාවක් කල්පනා කල හර්ෂනගේ බිර්ඳ මෙසේ කිවාය, "ආආහ්, ශුවර් එකටම ඔය පල්ලෙහා ගෙදර සක්කරවට්ටම වෙන්නැති ගෙම්බර් දාලා ඇත්තෙ! ඒකි ටිකක් අලි ඔලුවෙන් ඉන්නෙ!!"

සමහරුන්ට තේරුනාද මංද??