වම්බටු...

අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි.
"වම්බොටු කොහොමද?" රජතුමා ඇසීය.

"රජ කෑමක් රජතුමනි" යැයි අන්දරේ කීය.

දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය.

"තුඃ නොදකින් ජරා කෑම" රජතුමා කීය.

අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය.

ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය.

සිනාසුනු අන්දරේ මෙහෙම කිව්වලු.

"මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ"

රජතුමාගේ බිසව...

අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.


දිනක් රජතුමා අන්දරේට කතාකොට


රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”


අන්දරේ ඊට එකඟ විය.


මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.


ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.


“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.


“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.


“ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය.

දෙන්නම බීරි...

දවසක් රජබිසව අන්දරේට කියනවා " අන්දරේ උඹනම් හැමදාම මාලිගාවට එනවා උඹේ මායියා කවදාවත් ඇවිත් නෑ නේද? හෙට එනකොට ඇයත් එක්ක එන්න ඕනෑ තේරුණාද?"
එතකොට අන්දරේ
"දේවියනි ඇය එක්ක එන්න නම් බැරියැ ඇගේ කන් ඇහෙනවා මදිනෙව බොහෝම සද්දෙන් කතාකරන්න පුළුවන්නම් මම ඇය එක්ක එන්නම්"

"ඒගැන මම බලාගන්නම් උඹැහැ එක්ක වරෙන්කො"

ඉන්පස්සෙ අන්දරේ ගෙදර ගෙහුන් බිරිදට මොනවද කියන්නෙ
"උඹව බලන්න කැමත්තෙන් ඉන්නවා බිසවුන් වහන්සේ හැබැයි එතුමියගෙ කන් ඇහෙනවනම් අඩුයි ටිකක් හයියෙන් කතා කරන්ට ඕනෑ"
බිරිඳත් හා කියලා කිව්වා

කොහොමින් කොහොම හරි පහුවදා අන්දරේ රජවාසලට යනකොට මායියාවත් එක්කන් ගියා. අන්දරේගෙ භාරියාව දැක්ක බිසව
"හා..........කොහෝ......මද........සැප......සා........නී.........ප" යැයි සද්දෙන් ඇහුවා.

"හා.......නේ............දෙයියෝ............බුදුවන්ට.....වරදක්..........නෑ................."

කන් ඇහෙන්නැති නිසා සද්දෙන් කතාකරනවා ඇති කියලා දෙන්නම හිතුවා. ටිකෙන් ටික සද්දෙ වැඩිකරමින් කරන මේ කතාව කාලගෝට්ටියක් වගේ මුළු මාලිගාවටම ඇහුනා. රජතුමාද පැමිණ මේ පුදුමය බලා හිනා නොවීසිටියත් අන්දරේ හිනාව නවත්තගන්න බැරිව අත් දෙකින් මූණ ව‍හගෙන ඉන්නවා.

ටික වෙලාවක් ගියාට පස්සෙ දෙන්නා තේරුම් ගත්තා මේක අන්දරේගෙ වැඩක් බව. ලජ්ජාවට පත්වුණු බිසවුන් වහන්සෙ මාලිගය ඇතුලට ගියා. අන්දරේගෙ බිසව තරහෙන් බැණ බැණ ගෙදරගියා.

පස්සෙ රාජකාරි අහවර වෙලා අන්දරේ හවස ගෙදරගියා කියමුකො. තමා ලජ්ජාවට පත් කල නිසා කීපවිඩක් කතාකලත් මායියා ගෙදර දොර ඇරියෙ නෑ. ‍අන්දරේ මේකට හොද උපායක් කල්පනා කොරා. පස්සෙ මොකද කරන්නෙ විශාල ගලක් ඔසවාගෙන ඇවිත් ගේපිටිපස්සෙ තියෙන ලිඳට දැම්මා. ඒ සද්දෙ ඇහුනු අන්දරේගෙ බිරිඳ හිතුවෙ අන්‍දරේ ලිඳට පැන්නා කියලා ඉක්මණට දොර ඇරගෙන ලිඳ ලඟට ගියා. මේ අතර අන්දරෙ ‍ගෙට පැනලා දොර වහගත්තා. දොර ඇරියෙ පහුවදා පාන්දරලු.

ගොනාවගේ ඉදින්...

අන්දරේගෙ ගෙදර දවසක් මංගල උත්සවයක් තිබුණා. අන්දරේ ටිකක් නාහෙට අහන්නැති මනුස්සයනෙ. ඉතිං අන්දරේගෙ අම්මා මොකද කරන්නෙ එදා උදේ අන්දරේට කතා කරලා "පුතේ වෙනද වගේ දග කරන්නැතිව අද ගොනා වගේ ඉන්ට ඕන හරිද" කියලා කිව්වා.

අන්දරෙත් "හොදයි අම්මෙ මම අම්මා කිව් විධිහට ඉන්නම්" කියලා අම්මගෙ අවවාදෙ පිළිගත්තා. ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ උත්සවයට ‍ගමේ මිනිස්සු නෑ හිත මිතුරන් එහෙම ගෙදරට ආවයි කියමුකො. අන්දරේ මොකද කරන්නෙ හතරපයින් ගේ හැමතැනම දුවනවා තප්පුලනවා ඒ විතරක් නම් මැදෑ ඉන්න මිනිස්සුන්ටත් ඔළුවෙන් අනිනවා. මේක දැක්ක අන්දරේගෙ අම්මා හරි අපහසුතාවයකට තමයි පත්වුනෙ.

"මෙහෙ වර මම කිවුවා නේද උඹට දග නරන්නැතුව ඉන්න කියලා ඇයි පුතේ අපට මෙහෙම වද දෙන්නෙ"

කියලා අම්මා අන්දරේට පොඩි සද්දයක් දැම්මා.

අන්දරෙත් අතෑරියෙ නෑ

"ඇයි අම්මෙ අම්මමනෙ මට ගොනා වගේ ඉන්ට කිව්වෙ ඉතිං ගොනා ඉන්නෙ එහෙමනෙ අම්මෙ"

"හා එහෙමද ‍එහෙනම් මේ ගොනා බැදපියව්"කියලා අන්දරේගෙ අම්මා කිව්වා.

පඩි මදි


My Wife

A newly married husband saved his wife's number on his mobile as "My life"
After one year of marriage he changed the number to "My Wife"

After 2 years of marriage he changed the number to "Home"

After 5 years of marriage he changed the number to "Hitler"

After 10 years of marriage he changed the number to "Wrong Number".

හොරු දෙන්නා...

ඉතා ධනවත් මහලු පුද්ගලයෙක් රෝගාතුර වී ඇඳට වැටුණේය. ඔහු තවත් ජීවත් වන්නේ පැය කිහිපයක් බැව් වෛද්‍යවරුන් ගේ නිගමනය විය. හෙතෙම වහාම තම පෞද්ගලික වෛද්‍යවරයා සහ නීතිඥවරයා කාමරයට කැඳවා ගත්තේය.

මහලු පුද්ගලයා ගේ කීම මත වෛද්‍යවරයා සහ නීතිඥවරයා ඔහු මැදි කොට ඇඳේ දෙපස වාඩි වූහ.

නීතිඥයා - ඇයි මට එන්න කිව්වේ?


මහලු පුද්ගලයා - ඔහොම ටිකක් මගේ පැත්තකින් වාඩිවෙලා ඉන්නකෝ.


වෛද්‍යවරයා - එතකොට මට එන්න කිව්වේ ඇයි?


මහලු පුද්ගලයා - ඔයත් ඔහොම මගේ පැත්තකින් වාඩි වෙලා ඉන්නකෝ.


මෙසේ පැයක් පමණ කාලය ගතවිය. මහලු පුද්ගලයාගේ මුහුණ, අත, පය සුදුමැලි වෙමින් ඔහු මිය යෑමට ආසන්න බව

පෙන්නුම් කෙළේය.

වෛද්‍යවරයා සහ නීතිඥයා යළිත් කලබල වී මහලු පුද්ගලයාට කතා කළහ.


”ඇයි අපිට එන්න කිව්වේ..? ඉක්මනට කාරණය කියන්න” යැයි ඔවුහු කීවෝය.


මහලු පුද්ගලයා - මටත් ඕනේ ජේසුතුමා වගේම ස්වර්ගයට යන්න.


නීතිඥයා සහ වෛද්‍යවරයා - ඉතිං අපි මොනවද කරන්න ඕනේ?


මහලු පුද්ගලයා - ඔය දෙන්නා ඔහොමම දෙපැත්තේ වාඩිවෙලා ඉන්න. මොකද ජේසුතුමා මැරෙන වෙලාවේත් දෙපැත්තෙන් හිටියේ

හොරු දෙන්නෙක් නේ.

අලුත් කාර් එකක්...

"මං ඔය නඩුවට පෙනී හිටල තමුසෙව කොහොම හරි බේරලා දෙන්නං. හැබැයි පුතෝ තමුසෙ මගෙ ගාස්තුව අඩුවක් නැතුව බේරන්ඩ ඕනෙ. හොඳයි තමුසෙ ළඟ ඒකට සල්ලි තියෙනවද?" නීතිඥයා ඇසුවේ නඩුවක් රැගෙන තමා වෙත පැමිණි ප්‍රේමසිරි අමතමින්.

"සල්ලි නම් නෑ සර්. ඒත් මගෙ ළඟ අලුත් කාරෙකක් තියෙනවා..." ප්‍රේමසිරි පැවසීය.


"ම්... හොඳයි ඒක විකුණලවත් මගෙ ගාස්තුව අය කරගන්න බැරියැ. හොඳයි මොනව හොරකම් කළා කියලද තමුසෙට විරුද්ධව ඔය නඩුව දාලා තියෙන්නෙ” නීතිඥ මහතා ඇසුවේ ය.


"අලුත් කාර් එකක්" ප්‍රේමසිරි පිළිතුරු දුන්නේ හිස කසමිනි.

පිස්තෝලය...

නිමල්ගේ නිවස මංකොල්ලකා ඇති බව ආරන්චි වූ විමල් වහා එහි දිවගියේය.

විමල් : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"


නිමල් : "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."


විමල් : "ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?"


නිමල් : "හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ."

උපදේශයට පන්සීයයි!

හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.

"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.


"ඒ කොහොමද?"


"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."


"ඊට පස්‌සෙ මොකද වුණේ?"


"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."


"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"


"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."

ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.

අපායේ ගිය සිරිදාස

 

සිරිදාස මලේ හදිස්සියෙ...

සිකුරාදා දවසක පාන්දර බලද්දි නින්දෙන්ම සිරිදාස පරලොව ගිහිල්ලා තිබුනා.... සිරිදාසත් ඒ බව දැනගත්තෙ තමුන්ගෙ මිනිය බදාගෙන ගෙදර උන්දලා අඬනවා දැක්ක වෙලේ. සිරිදාස ඒ වෙනකොට වහලේ යටලීයටකට වෙලා තමුන්ගෙ සරීරෙ දිහා බලාගෙන නයා නැතිවුන අහිගුණ්ඨිකයා වගේ මොනා කරන්නද කියලා හිත හිත හිටියෙ.

ජීවිතේ කවමදාවත් තිබ්බට පාවිච්චි නොකරපු සිරිදාසගේ මොලේ ඒ මේ අත හරව හරව කල්පනා කලත් වුනේ මොකක්ද කියලා සිරිදාසට තේරුම් ගන්ඩ බැරි උනා. තේරුන එකම දේ තමන් මැරිලා කියන එක සිරිදසට තේරුනත් ඒක ඇත්තක්ය කියලා හිතන්න සිරිදාස කැමති උනේ නෑ. මොනා උනත් සිරිදාස ලාවට වගේ අත කොනිත්තල බැලුවා මේක හීනයක්ද කියලා.

"ඌයි "

සිරිදාසට රිදුනත් හීනෙන් ඇහැරුනේ නෑ.

" මැරිලම තමයි "

සිරිදස තමුන්ටම කියාගත්තේ හිරකරගෙන හිටපු මහා දුකක් පිටකරගෙන . ඒත් එක්කම කන ගාවින් තවත් කටහඬක් මතු උනා

" මොකෝ හීනයක්ද කියලා බලනවද "

සිරිදාස ගැස්සිලා ඒ සද්දෙ ආව දිහා බැලුවා ටිකක් අමුතු විදියට ඇදගත්ත මනුස්සයෙක් තමුන් දිහා බලාගෙන හිනාවෙනවා . තරු , පටි , පිත්තල පාට බොත්තං . පොඩි තොප්පියකුත් දාගෙන පොඩ්ඩක් විතර පොලිස් කාරයෙක් වගේ .

" දැන් ඉතිං කල්පනා කරලා වැඩක් නෑ ... මැරිලම තමයි .. හත් දවස , තුන්මාසෙ , වැඩිම උනොත් අවුරුද්ද ඉන් පස්සෙ තමුසෙ ගැන තමුසෙටවත් මතකයක් නෑ . "

අමුත්තා දිගටම කතාව .. සිරිදාස කට ඇරගෙන ඔහේ ඒවා අහගෙන ඉන්නවා.

" ඔහේ කවුද " අන්තිමේදි සිරිදාස අමුත්තගෙන් ඇහුවා.

" මම .. මම තමයි තමුන් මලාට පස්සෙ යන තැනට එක්ක යන්නේ "

" මොකක් " සිරිදාසට උගුර කට වේලුන ගතියක් දැනුනා.

" ඒ කියන්නෙ දිව්‍ය ලෝකෙද "

" හහ් හහ් හා හඃ " අමුත්තා මහ හඩින් හිනා උනා

" ඒකනම් කියන්න බෑ ගොයියෝ ඒකට සිස්ටම් එක බලන්න වෙනවා "

" සිස්ටම් එක ඒ මොකක්ද ඒ " සිරිදාස ආයෙම සැරයක් කට ඇරගත්තා.

" සිස්ටම් එක කියන්නෙ ඔහෙලගෙ විස්තර තියන තැන. කලින් නම් තිබ්බෙ පොතක් ඒක කරදරයි කියලා ලොක්කා ඔක්කොම කොම්පියුටරයිස් කලා . දැන් එකවර 100ක් ආවත් පට් පට් ගාලා විස්තර ටික බලලා ටිකට් එක දෙනවා ."

" මොකක් ඒ කියන්නෙ දිව්‍ය ලොකේ දැන් කොම්පියුටර් කරලද "

" මන් දැන් කලිනුත් කිව්වනේ මනුස්සයෝ ඒ දිව්‍ය ලෝකෙ නෙවෙ එතනින් තමයි තමුන් යන්නෙ දිව්‍ය ලොකේ ද අපායටද කියලා විස්තර දෙන්නෙ. හරියටම කියනවනම් එතන තමයි ' ලෝක හුවමාරු මධ්‍යස්ථානය' තේරුනාද "

සිරිදාසට තමුන්ව නිකං කරකවලා අත ඇරපු බබරයක් කියලා හිතෙන තරමට මොලේ විකාර වෙලා . අන්තිමේදි ඇඩුම් හඩකින් සිරිදාස ආයෙම තමුන්ගේ කට හඩ අවදි කලා

" මේ බුදු අයියේ ඇත්තටම මං මැරිලද බං "

අමුත්තා බොහොම අනුකම්පාවෙන් සිරිදාස දිහා බැලුවා

" ඔව් ලොක්කෝ හරියටම කියනවනම් පාන්දර 3.20 හදිසි පපුවෙ අමාරුවකින් තමුන් මැරුනා. මට එස්. එම් .එස් ඇලර්ට් එක ආව ගමන් මන් මේ ආවෙ . දැන් ඉතින් මෙතන හිටියා ඇති පරක්කු උනා දැන් යමු "

" කොහොමද යන්නේ "

" මගෙ අතිං අල්ලගන්නවකො "

සිරිදාස අමුත්තගේ අතිං අල්ලගත්තා. අමුත්තා තමුන්ගේ අතේ තිබුන ඔරලෝසුවක් වගේ එකක් මොන මොනවද කලා

"දැන් හරි "

අමුත්තා එහෙම කිව්ව ගමන් සිරිදාසට නිකං ඇස් දෙක පියවෙනවා වගෙත් තමුන්ව පාවෙලා යනවා වගෙත් දැනුනා . ඇස් ඇරලා බලනකොට සිරිදාස උන්නේ මහ විසාල ගොඩනැගිල්ලක් ලග . සිරිදාසට එකපාර මතක් උනේ ඇමරිකාවෙ ධවල මන්දිරේ

තමුන් එක්ක ආව අමුත්තා මන්දිරේ දිහාට යනවා දැක්ක සිරිදාස අමුත්තා ලගට දුවලා ගියා.

" මේ ඇමරිකාවද අයියේ "

" පිස්සුද හලො කට වහං එනවා මං පිටිපස්සෙන් "

සිරිදාසත් කට වහගෙන අමුත්තා පස්සෙන් වැටුනා .. මන්දිරේ දොර ලග ආරක්ශාවට ඉන්න කෙනා ලග අමුත්තා නතර උනා .

" අදත් වැඩ වගේ "

දොරටුපාල අමුත්තා එක්ක කතාවක් සිරිදාසත් හතර අතට ඇස් කරකව කරකව වෙන දේවල් දිහා බලන් ඉන්නවා.

" ඔව් අදත් වැඩ මෙයාගෙ ටිකට් එක දෙන්ඩ යනවා ගිහින් එන්නම්කෝ "

දොරටුපාලගෙන් සමු ගත්ත අමුත්තා මන්දිරේ ඇතුලට ඇවිදගෙන ගියා සිරිදාසත් වලිගේ වගෙ පස්සෙන් වැටුනා. ඒ මන්දිරේ බොහොම කා‍ර්ය බහුලයි . ඉන්න හැම කෙනාම බොහොම උනන්දුවෙන් වැඩ. කොරිඩෝවක් පහු කරගෙන ඇවිදගෙන ආව සිරිදාසල කවුන්ටරයක් වගේ තැනක නතර උනා. බොහොම හැඩට ඇදගත්ත ගෑනු දරුවෙක් එතන වැඩ. තුන් හතර දෙනෙක් පෝලිමේ

" කවුද බං අයියේ ඒ "

සිරිදාස කට කනේ තියාගෙන අමුත්තා දිහාට හැරුනා

" නොදකින් විතරක් මලාට පස්සෙවත් ටිකක් සංවර වෙයංකෝ . තියන ලකුනු ටිකත් කපා ගන්නේ නැතුව ඔතනින් ෆෝර්ම් එකක් අරන් පුරවලා දෙනවා එතකොට තමුන්ගෙ විස්තර බලලා තමුන් යන තැන දැනුම් දෙයි "

අමුත්තාගේ කතාවට ඔලුව වනපු සිරිදාස කවුන්ටරේ පැත්තට හැරුනා.. පෝලිමේ තුන් හතර දෙනෙක් හිටියත් සිරිදාස කෙලින්ම නතර උනේ . කවුන්ටරේ මුල . කවුන්ටරේ හිටපු ගෑණු ලමයා හිනාවෙලා සිරිදාස දිහා බැලුවා.

" මහත්තයා ලංකාවෙන් නේද "

" ඔව් කොහොමද දැනගත්තේ "

" පෝලිමේ තුන් දෙනෙක් ඉද්දිත් පෝලිම පැනලා ආව නිසා "

ගෑණු ලමයා හිනාවෙලා කිව්වා ලැජ්ජාව සාක්කුවට දාගත්ත සිරිදාස පෝලිමේ කොනට ආවා. කොහොමෙන් හරි ෆෝර්ම් එක අරගත්ත සිරිදාස තමුන් එක්ක ආව අමුත්තා කොහෙද කියලා හොයන්න ගත්තා. අමුත්තා ඒ වෙනකොටත් පුටුවක ඉදගෙන සිරිදාස දිහා බලාගෙන ඉන්නවා. සිරිදාස කෙලින්ම නැවතුනේ අමුත්තා ලඟ.

" පටන් ගන්නකොටම ගම කා ගත්තා නේද. දැන් ඉතිං කමක් නෑ ඕක ඉක්මනට පුරවනවකෝ "

සිරිදාස තමුන් අතේ තියන කොලේ අරන් පුරවන්ඩ පටන් ගත්තා

විස්තර ටික පුරවගෙන ගිය සිරිදාස අමුත්තා දිහාවට හැරුනා

"දැන් මේකෙ කරපු පින් ලියන්නේ මොන තැනද . මේකෙ ආගම මොකක්ද කියලා විතරනේ තියෙන්නෙ "

" පිං " හහ් හහ් හා..... අමුත්තා ආයෙමත් හිනාවෙන්න පටන් ගත්තා
" මොන පින් ද "

" ඇයි දාන දුන්න ඒවා , පන්සල් වලට ගියපුවා, පෝයට සිල් ගත්ත ඒවා ,"

"ආ ඒවා පින් ද ... , හහ් හහ් හා... එතකොට කියනවා බලන්න තමුන් ඔය ජීවත් වෙලා හිටපු කාලෙ තවත් මිනිහෙක්ට ජීවත් වෙන විදියෙ දේකට කරපු උදව්වක් . එහෙමත් නැත්තං අඩු ගානෙ තවත් මිනිහෙක්ට ජීවිතේ එපා නොකර හිටියද "

සිරිදාස ආයෙමත් බිම බලා ගත්තා

" කට වහන් ඕකෙ තියන ටික පුරවනවා "

" එතකොට මෙතෙන්ට හැම රටකින්ම හැම ආගමකින්ම මිනිස්සු එනවද "

" ඔව් හැම රටකින්ම හැම ආගමකින්ම එනවා .. ආගමයි රටයි අපි බලන්නේ ඔය ෆෝර්ම් එක පුරවන්ඩ විතරයි. ඒකත් සිස්ටම් එක දැම්මට පස්සෙ. "

" එතකොට අපි කරන පිං බලන්නෙ නැද්ද "

" මේකනේ ගොයියෝ ඔය මනුස්ස ලෝකෙ අය ගොඩක් පින් කියලා හිතාගෙන කරන දේවල් පින් කියන ගොඩට වැටෙන් නෑ කොටින්ම කියනවනම් ඔයාල පින් කියලා හිතන ඒවා පින් පව් මනින ලිස්ට් වල පහලටම වෙන්න එකක් දෙකක් තිබ්බට අනික් ඒවා පැත්ත පලාතකවත් නෑ"

" යකෝ මේක මාර වැඩක් නේ "

" මෙතෙන්ට ආව හැම කෙනාම ඔය ෆෝර්ම් එක අතට අරන් කියනේ ඕක තමයි"

"හරි හරි ඕක පුරවලා දෙනවකෝ. ඉක්මන් කරලා "

සිරිදාස ආයෙමත් ෆෝර්ම් එක පුරවන්න පටන් ගත්තා. අමුත්තා ඒ අතරේ නැගිටලා කොහෙටදෝ යන්න ගියා . ෆෝර්ම් එක පුරවපු සිරිදාස කවුන්ටරේට ඒක බාරදීලා ආයෙම තමුන් හිටපු තැනට ආවා.

විනාඩි කිහිපයකට පස්සෙ අමුත්තා කොලේකුත් අරගෙන සිරිදාස හිටපු තැනට ආවා.

" හා ඔන්න යන්න ඕන තැන ඇවිත් තියනවා "

"කොහෙටද දිව්‍ය ලෝකෙ නේද "

" ම්හු කොරන්න දෙයක් නෑ ලොක්කෝ සිස්ටම් එකේ හැටියට අපාය තමයි සිලෙක්ට් වෙලා තියෙන්නෙ "

" මොකා .. ඒක වෙන්නෙ කොහොමද මං කොච්චරක් දාන දීලා ඇද්ද . හැම පෝයටම සිල් ගත්තා , වෙසක් පෝයට , පන්සලේ ආධාර පත්තර කීයක් නම් සම්මාදම් උනාද . ලොකු හාමුදුරුවෝ මට හැමදාම කිව්වෙ මං උපදින්නේ දිව්‍ය ලෝකෙ කියලා. "

" මං දැන් එකපාරක් කිව්වනේ ඔහේලා හිතන ක්‍රමේට නෙවෙ මෙහෙ වැඩ කරන්නෙ කියලා.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ යමු.. "

" අනේ අයියේ මේක කොම්පියුටර් ජිල්මාට් එකක් වෙන්න බැරිද "

" මේ..... මගෙන් මොකුත් නාහ එනවා මගෙ පස්සෙන් "

බිම බලාගත්ත සිරිදාස ආයෙම අමුත්තාගේ පස්සෙන් වැටුනා..
ටික දුරක් ඇවිදගෙන ආව අමුත්තා ලොකු දොරක් ලග නැවතුනා එතන පහලට ඊතලයක් ගහලා තිබුනා

"මේ මොකක්ද මේ "

" මේක තමයි අපායට යන ලිෆ්ට් එක "

අමුත්තා පහලට තිබුන බොත්තමක් තද කලාම ලිෆ්ට් එකේ දොර ඇරුනා

"යමු " අමුත්තා ඉස්සර උනා සිරිදාසත් පස්සෙන් වැටුනා ඇතුලට ගිය අමුත්තා පහලටම වෙන්න තිබුන බොත්තම තද කලා ලිෆ්ට් එක හෙමින් පහලට යන්න ගත්තා.

" අනේ අයියේ උන් මට වද දෙයිද අයියේ .."

" කවුද "

"යම රජ්ජුරුවෝ "

" දැන් යම රජ්ජුරුවෝ කියලා කෙනෙක් නෑ බන් දැන් ඉන්නෙ සභාපති කෙනෙක් "

" මොකා"

" ඔව් .. රජ පාලනය උඹලගේ රටට වගේම මෙහෙටත් හරි ගියේ නෑ අන්තිමට සභාපති කෙනෙක් පත් කලා නිල කාලය අවුරුදු 5යි දැන් ඉන්න මනුස්සයනම් හොදයි."

"එතකොට යම පල්ලෝ උන් වසයිද "

" යම පල්ලෝ ... යමපල්ලෝ මෙහෙ නෑ ඉන්නෙ ' යම ඔෆිසර්ලා ' යම පල්ලා කියන එක වෘතීයට නිගා වෙනවා කියලා උන් නම වෙනස් කරගත්තා. "

කතාව අතරතුර ලිෆ්ට් එක ගමනාන්තයට ඇවිත්

"හා දැන් අර පැත්තට යමු " අමුත්තා ආයෙමත් ඉස්සර උනා .

ඇවිදගෙන ඉස්සරහට ගිය අමුත්තා දොරක් ලග නැවතුනා..

" හා දැන් ඉතින් ඇතුලට ගිහින් යම සභාපති හම්බවෙලා තමුන්ට නියම කරන දේ අහගෙන එනවා "

"අනේ අයියේ අයියට මම කියන ඕනම දෙයක් දෙන්නම් මාව බේරලා දෙනවකෝ මගෙ ලග තියන හැම දෙයක්ම දෙන්නම් "

" මං කිව්වෙ දැන් වත් තේරෙනවද මෙහෙට එන්ඩ උනේ ඇයි කියලා හැම පෝයටම පන්සලේ හිටියට වැඩක් නෑ "

සිරිදාස පුරුදු විදියටම බිම බලා ගත්තා

" අනේ අයියේ අයියත් යමුකෝ .."

" ඒ අහවල් මගුලකටද .. මෙහෙ ඒවා තහනම් ඉක්මනට යනවා "

සිරිදාස බයෙන් බයෙන් දොර ලගට ගියා .. මොකා උනත් යකෙක් නේ සභාපති කියලා නම වෙනස් උනාට , සිරිදාස තමුන්ටම කියාගත්තා . සිරිදාස දොරට තට්ටුවක් දැම්මා

" එන්න ඇතුලට "

ඇතුලෙන් කටහඬක් ආවා.. සිරිදාස බයෙන් බයෙන් දොර ඇරගෙන ඇතුලට ගියා. ඇතුලේ පිලිවෙලට ඇදගත්ත මහත්තයෙක් ටයි කෝට් දාල. සිරිදාස උඩ බිම බැලුවා .

" යම රජ්ජුරුවෝ ඔබ තුමාද "

" නෑ .. මං යම සභාපති " මහත්තයා හිනා වෙලා කිව්වා

" ඉදගන්න " සිරිදාස බයෙන් බයෙන් පුටුවේ ඉද ගත්තා

" දෙන්න බලන්න ටිකට් එක "

සිරිදාසගේ ටිකට් එක ගත්ත යම සභාපති ටිකක් වෙලා ඒක දිහා බලන් හිටියා

"හ්ම්ම් .. හරි සිරිදාස මහත්තයා කරපු කියපු දේවල් නිසා එන්න උනේ මෙහෙට දැන් ඉතින් අපි ඒ කරපු වැරදි හරි ගස්ස ගන්න ඕන "

" අනේ බුදු මහත්තයෝ මට වද දෙන්න එපා . ඔයාලට වැරදිලා මං පව් කරලා නෑ "

" හා.. හා.. සිරිදාස මහත්තයා බයවෙන්න එපා කවුද කිව්වෙ වද දෙනවා කියලා "

" ආයෙ මොනවා කියන්නද . මේ අපාය නේ "

" ඉතිං... "

" ඉතිං කියන්නෙ . දැන් මාව කටු ඉබුලෙ නග්ගයි . ලෝදිය පොවයි , මාව දෙකට ඉරයි , කෑලි කපයි "

" බුදු අම්මෝ... " සභාපති තුමා ඇස් දෙක උඩ තියාගත්තා

" කවුද එහෙම කරන්නෙ "

" ඔබතුමාලනේ.. නැතුව අපායේ කිරි පොවනවද "

" ඉතිං සිරිදාස මහ්ත්තයෝ මං ඔහෙලට එහෙම කලොත් ඔක්කොටම කලිං අපායට එන්නෙ මමනේ "

සිරිදාස ආයෙමත් සැරයක් ස්භාපති තුමා දිහා බැලුවා

" යකෝ ඒකත් ඇතතනේ " සිරිදාසට එහෙම කියවුනා

"දැන් එතකොට මහත්තයෝ මෙහෙ ඔය එක වදයක් වත් දෙන්නෙ නැද්ද "
" නෑ .. අපි ඔය කිසි දෙයක් කරන් නෑ "

" එහෙනම් අපායෙ මොනවද කරන්නෙ "

" මෙහෙමයි සිරිදාස මහත්තයෝ. ඔයාල කරපු වැරදි හදාගන්න හැටි . ආයෙ වැරදි නොකර ජීවත් වෙන හැටි මෙහෙදි උගන්වනවා කොටිනම කියනවනම් මේක නිකං පුනුරුත්තාපන කදවුරක් වගේ "

" නෑ.... " සිරිදාස ආයෙමත් කට ඇරගත්තා

" ඒ කියන්නෙ වදයක් දෙන්නෙම නෑ "

" නෑ... උදේ හවස දේශන තියනවා , පරීක්ශන තියනවා ඒවා කරල සාර්ථකව නිමා කරන කට්ටියව ආයෙම මනුස්ස ලෝකෙට යවනවා ඊට පස්සෙ පුලුවන් . හරි මනුස්සයෙක් ව්ගේ ජීවත් වෙලා දිව්‍ය ලෝකෙ යන්න "

"දැන් සිරිදාස මහත්තයා යන්න ඔබතුමාට කරනන තියන දේවල් තව ටිකකින් දැනුම් දෙයි "

සිරිදාස සභාපති තුමාට වැදගෙනම කාමරෙන් එලියට ආවා
කාමරේ දොර ලග අමුත්තා හිනාවේගන ඉන්නවා

" මොකෝ දැන් හරිද .. දැන් වත් ඔය ටික හරියට කරලා දිව්‍ය ලෝකෙ යන්න ට්‍රයි කරනවා " අමුත්තා සිරිදාස දිහා බලගෙන හිනා වුනා

" අයියේ අපි හැම දෙයක්ම වැරදියටනේ බන් හිතාගෙන ඉදලා තියෙන්නෙ "

සිරිදාස දිහා බලා ආයෙමත් සැරයක් හිනා වුන අමුත්තා සිරිදාසට මෙහෙම කිව්වා

" මෙතෙන්ට එන හැම එකාම..... ඔය දොරෙන් එලියට ඇවිත් කියන්නෙත් ඕකම තමයි "
 

ගින්දර සොයා ගත්තේ මෙහෙමයිලු...


හොරෙන් බලලා මට්ටු වෙලා..ගුටි කනවො


භාර්යාවකගේ තනතුරක්....

 







නිරුවත් කෙල්ල

ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.

ටැක්සි ඩ්‍රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ටැක්සි ඩ්‍රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?

මේ ඩ්‍රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"

මට තාම ආදරේද?

පෙම්වතෙකුට සිය පැරණි පෙම්වතිය හමු වුනා.

පරණ පෙම්වතිය- ආ හලෝ , කොහොමද ඔයගේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ්?


පෙම්වතා- හොඳයි.හැබයි අපි සෙක්ස් කරන කොට මම ඔයාගේ මූන මතක් කර ගන්නව


පරණ පෙම්වතිය- ඒ මොකෝ.මට තාම ආදරේද?


පෙම්වතා- ආදරෙයි නෙවෙයි හලෝ.නැත්නම් මට ඉකමනට *ඩු යනවා

අතේ ගහන කුරුල්ලා

අලුතෙන් හමුදාවට බැඳුන , ටිකක් නොතේරුම් කම් තියෙන කොල්ලෙකුට වෙච්ච සීන් එකක් තමා මේක

මේ ළමයා හමුදාවට බැඳිලා ඉතින් දවසක් දෙකක් , යනකොට මිනිහට හරි ආසාවක් ඇතිඋනා
අතේ ගහන කුරුල්ලෙක්ට ( ඒ කිව්වේ හමුදා උසස් නිලධාරින්ගේ උර පටි වල එහෙම ගහල තයෙන්නේ )
ඉතින් මේ කොල්ල , තමන්ට ඊළඟට ඉන්න උසස් නිලධාරියගෙන් හැමදාම ඉල්ලනවා
අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න , උසස් නිලදධාරිය කිව්වා ඒවා මේ ආවට ගියාට , හම්බ වෙන්නේ නා ඉහල නිල වලට ගියාම තමා හම්බ වෙන්නේ ..

එත් ඒගැන නොසලකා , මේ කොල්ල දවස් කීපයක් ඉල්ලනවා..
අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න
අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න

මේක දැන් අර ඉහල නිලදාරියට ඇනයක් උනා..
ඒ පාර ආයිත් ඇවිත් අර අලුත් කොල්ල ඉල්ලනවා
අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න

දෙන ඉතින් නහුතෙටම නැග්ග නිලධාරිය කියනවා මෙන්න මෙහෙම

කොල්ලෝ මට උඹට අතේ ගහන කුරුල්ලෙක් නම් දෙන්න විදියක් නෑ
උඹට ඕනෙමනම් පු* අරින සාජන් කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම්

දොඩම් = තැඹිලි


තාත්තේ.. තාත්තේ..

තාත්තේ.. තාත්තේ..

මොකෑ බොල බෙරිහන් දෙන්නේ? තෝත් අම්මගේ කපාපු මෙව්වා එක!    කියපං..

මේ ... තාත්තේ... දැන් මට 24 යි...

ඔව් මට මතකයි.., මං උඹේ අම්මව බැඳලාත් තාම එච්චර නැතුව ඇති මයෙහිතේ..

තාත්තේ.. අම්මා තනියම කුස්සියේ වැඩ නේද?

නැතුව මෝඩයෝ.. ඕවා ගැනුන්ගේ වැඩ,උන් ඉන්න ඕනේ කුස්සියේ තමා..

නෑ තාත්තේ මං මේ කිව්වේ අම්මටත් දැන් තනියම වැඩපල කරගන්නත් අමාරු එකේ....මේ...මේ..

ඉතින්? තෝත් ගිහින් උදව් වෙයන්. පිංබතා වගේ කකා බිබී විතරක් ඉන්නේ නැතුව.

එහෙම නෙමෙයි තාත්තේ.. මගේ වයසත් යනවා නේද..තාත්තේ

නැතුව එක තැන පල වෙන්නේ නෑ යෝදයෝ..වයස යනවා තමයි

තාත්තේ මගේ කොණ්ඩේත් ඉදීගෙන එනවා තාත්තේ...

මේන් බලාපන් මගේ කොණ්ඩේ... තොගේ තියනවද මෙච්චර සුදුවට?

මගේ යාලුවෙකුත් ගිය සුමානේ කසාද බැන්ද තාත්තේ..

ඉතිං?

ඉතිං... මමත්...

තෝ උන්ගේ පවූලත් කඩන්නද හදන්නේ පව්කාරයා?

නෑ තාත්තේ මං..මං...දැන් ජොබ් එකකුත් කරන නිසා....

මං දන්නවා මගේ පුතා මට සලකන විත්තිය...ගිය සැරේ චිට් එක වැඩ කරෙත් නෑනේ...

නෑ තාත්තේ මං නිකන් තාත්තට කතා කලේ...මං ගෙට යන්නම්...
.
.
.
.
.
.
.
.
.
.
.
"මඟුලක් කතා කරනවා !!!! "

Reload Phone


පිට්ටු කිල්...


ගොපල්ලා රජ වූ හැටි..

ඔන්න එක රටක හිටියලු රජෙක්. රජෙක් කිව්වට රං ගොජෙක්. ඉතිං මේ රජාට හිටියලු… එකම එක දුවෙක්. ඉතිං රජා මළාට පස්සෙ රටේ රජකම දෙන්න පිරිමි පරාණයක් එපෑයෑ. ඉතිං රජා දහ අතේ කල්පනා කලාලු දුව ව දෙන්න සුදුසු කෙනෙක්. මොලේ තියන එකෙක් වෙන්නත් එපෑයෑ. මෙහෙම කල්පනා කරල කරල කරල කරල කරල (ඒ කිව්වෙ ගොඩක් කරල) රජ්ජුරුවො පුරෝහිතලට කතා කරල කිව්වලු මුළු රටේම අණබෙර ගස්සවල ඥානාන්විත පුරුසයන් ඉන්නවනං මාලිගාවට පැමිනෙන්ඩයි කියල නියෝගයක් නිකුත් කරන්ඩ කියල.

ඕං ඉතිං අණබෙරේ රටවටේ යනවලු.. ඩුං…ඩුං…ඩුං.. අසව් අසව්… ‍නෛකශ්‍රීයෙන් විරාජමාන වූ අප මහා රාජෝත්තමයාණන්ගේ රාජාඥාවයි මේ…. ඩුං.. ඩුං.. ඩුං… රජතුමා ප්‍රස්න තුනක් අහනවාය.. ඒවාට නිවැරදි පිළිතුරු (තැපැල් පතක පමණක් ලියා පහත ලිපිනයට යොමුකරන්ඩ කියන්ඩ බෑ..නෙ.) දෙන්ඩ සමතෙක් සිටීනම් ඔහුට රටේ රජකම සමග දියණිය විවාහ කරදෙනවාය…. ඩුං …ඩුං…ඩුං….

හැබැයි මේ තුනට උත්තර දෙන්ඩ බැරිවෙන අයගේ තුන නැතිවෙව.. ඒක නිසා කවුරුත් පළාතෙ ගියෙ නෑලු. ඕං ඉතිං හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන (ඒ කිව්වෙ ගොඩක් හොයල හොදේ) යනකොට එකම එක හරක් බලාගන්න ගොපල්ලෙක් විතරක් කැමති උනාලු අබියෝගෙ බාරගන්ඩ. පුරෝහිතලටත් අන්දොස්ලු මූ වගේ ගෝතයෙක් මේකට ආපු එකට. මූ නං එකත් එකටම සැට් එක කපාගෙන යන්ඩ ආපු එකෙක් තමා කියල කට්ටියම බලං ඉන්නවලු ගොපල්ලගෙ කල්ල වපන කල්.. හික්ස්… රජතුමා ඇහුවලු.. තමා මේ තරගයේ කොන්දේසි ගැන දැනුවත්ද ? එහෙමයි රජතුමනි..

හොදයි.. එහෙනං ප්‍රස්න ඇසීම ආරම්භ කරනවා.. එහෙම කියල රජා දබරගිල්ල ඉස්සුවලු හරියට අම්පයර් අවුට් එක දෙන්නා වගේ.

එතකොට ගොපල්ලා ඇගිලි දෙකක් ඉස්සුවලු. මළා.. උත්තරේ හරි.. පුරෝහිතලගෙ ඇස් උඩ ඉන්දුනාලු දෙවැනි ප්‍රස්නය – රජ්ජුරුවො ඇගිලි දෙකක් ඉස්සුවලු ගොපල්ල ඇගිලි තුනක් ඉස්සුවලු ඒ උත්තරෙත් හරි.. කාටත් පුදුමයි.. රජතුමා සිංහාසනෙන් නැගිටල අවසාන ප්‍රස්නෙ ඇහුවලු. ඒකත් හස්ත සංඥාවෙන්. අත් දෙකින්ම විසාල රවුමක් ඇදල පෙන්නුවලු. එතකොටම ගොපල්ල ‘‘වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟිල්ලය් එකතු කරලා රවුමක් හදල, දකුණු අතේ දබර ඇඟිල්ල රවුම ඇතුලෙ එහාට මෙහාට කොරල පෙන්නුවා, අපේ රටේ මෛය්තුන සේවන සිම්බල් එක. (xxx ගනිං කියන හස්ත මුද්රාව) – (තරහ අවසර.. මේ කෑල්ල ගත්තෙ ඔබා අයියගෙ හෑන්ඩ් සිග්නල් පෝස්ට් එකෙන්)

ප්‍රීතී…..ප්‍රීතී….. පුරෝහිත ප්‍රීතී…. ගොපල්ලා ප්‍රස්න තුනටම සාර්තකව පිළිතුරු දීපු නිසා පොරොන්දු ප්‍රකාරව දූ කුමරියත් රටේ රජකමත් ඔහුට හිමියි.. රජතුමා නිල නිවේදනේ ප්‍රකාස කලා. පුරෝහිතලගෙ කටවල් _කවල් වගේලු. ඇයි ඉතිං උංනෙ රටේ පඩිවරු. පඩියන්ටත් බැරි ප්‍රස්නවලට නිකංම නිකං ගොපල්ලෙක් උත්තර දීලා රටේ රජකමත් ගත්තා. දැං ඉතිං මොනව කරන්නද..? කොහොම උණත් මූනෙ දැං රජා.

දින කීපයකට පස්සෙ.. අබිසේක මංගල්ල පදවි ප්‍රාප්ති උස්සව එහෙම ඉවර වෙලා ටිකක් නිවාඩු පාඩු ආපු වෙලාවක් බලල පුරෝහිතල ගියාලු රජතුමා හම්බෙන්ඩ. රජා දැං රිටයඩ්.. තරහ අවසර රජතුමනි, ඔබතුමා අහපු හස්ත සංඥා ප්‍රස්න අපට නං තේරුනේ නෑ. අපට ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? රජතුමා උගුර එහෙම පාදල තමන්ගෙ ප්‍රස්න ටික විග්‍රහ කරාලු පුරෝහිතලට..

මම එක ඇගිල්ලක් උස්සල ඇහුවෙ මේ ලෝකෙ එක් මනුෂ්‍යෙයක් නිර්මාණය වෙන්නෙ කොහොමද කියල.. හරිනෙ… ගොපල්ල (දැං රජා) ඒක දැනං ඉදල තියනවා. මිනිහා ඒ ප්‍රස්නෙට ඇගිලි දෙකක් ඉස්සුවනෙ. එක මිනිහෙක් නිර්මාණය වෙන්න දෙන්නෙක් එපෑ.. එතකොට ඇගිලි දෙකක් උස්සල මං ඇහුවෙ දෙන්නෙක් එකතු වුනාම මොකද වෙන්නෙ කියල..

එතකොට ගොපල්ල ඇගිලි තුනක් ඉස්සුව. උත්තරේ හරියට හරි.. දෙන්නෙක් එකතු වෙනකොට තුන්දෙනෙක් වෙනවනෙ.. මගේ අන්තිම ප්‍රස්නෙ මං ඇහුවේ මේ ලෝකයම පවතින්නෙ මොකක් මතද කියල..

ඇත්ත නේන්නං …. xxx එකෙන්නෙ. ගොපල්ල හස්ත සංඥාවෙන් ඒක කිව්වනෙ..

ඕං දැං පුරෝහිතලට ආයෙත් ප්‍රස්නයක් මතු වුණාලු ගොපල්ල මේ හැම එකක්ම නිවැරදිව දැනගත්තෙ කොහොමද කියල.. ඉතිං ගියාලු ගොපල්ල (රජා) හම්බවෙන්ඩ. ගිහිං බොහෝම බය පක්සපාතව ඇහුවලු අර ප්‍රස්නවලට එහෙම නිවැරදිව පිළිතුරු දීපු රහස මොකද්ද කියල. රජ වුනත් ගොපල්ල ගොපල්ලමයිනෙ.. ඌ ඉතිං උගෙ සුපුරුදු කෂඩ තාලෙන්ම උත්තර දුන්නලු.

අනේ යකෝ…! තොපේ රජා තමා .. රජා… ඌ මගෙන් මාර ප්‍රස්නනෙ ඇහුවෙ..? ඌ මගෙන් ඉස්සෙල්ලම ඇහුව එක හරකෙක් දෙනවද කියල. මොනව වුනත් මූ රජා හින්ද මං කිවව දෙන්නෙක්ම දෙන්නං කියල. මූ ඒ පාර තව දෙන්නෙක් ඉල්ලුව. ඒත් කමක් නෑ.. රජානෙ.. මං ඉතිං කිව්ව තව තුන්දෙනෙක්ම දෙන්නං කියල. මෙන්න බොලේ මේ ගොං රජා ඒ පාර මගෙන් පට්ටියම ඉල්ලුවා. එවෙලෙ ඌට දෙන්න ඕන උත්තරේ තමා මං දුන්නෙ….

කුහුඹුවෙකු මැරීම සදහා ක්‍රමයක්

Q25. කුහුඹුවෙකු මැරීම සදහා ක්‍රමයක් යෝජනා කරන්න. [ලකුණු 15]

මේ විභාග ප්‍රශ්ණ පත්‍රයක තිබුනු ප්‍රශ්ණයක්(විභාගේ මොකද්ද කියලා අහන්න එපා).

අනිත් එක ප්‍රශ්ණෙකටවත් හරියට උත්තර ලියා ගන්න බැරුව නන්නත්තාර වෙලා හිටිය කොල්ලෙක් මේ ප්‍රශ්ණෙට නම් කොහොම හරි ලකුණු 15න් 15ම ගන්නවා කියලා හිතලා මෙන්න මෙහෙම ලිව්වා.

►කුහුඹුවාව පැය කීපයක් නිරීක්‍ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න
►මිරිස් කුඩු ග්‍රෑම් 10 ක් සහ සීනි ග්‍රෑම් 40ක් ගෙන හොදින් මිශ්‍ර කරන්න(අනුපාතය 1:4)
►මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න
►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.
►සීනි මිරිස් මිශ්‍රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.
►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.
►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩක් අසලට යනු ඇත
►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)
►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.
►ප්‍රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.
►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්‍රාත්තුව ඔහුට ලබා දෙන්න.
►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්‍රත්‍යක්‍ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.

අලුතින් ආපු පොත් සෙට්

වැම්පයර් විසින් පහු ගිය දවසක පොත් ලිස්ට් එකක් ගැන කියල තිබුණ. කලා කෘති ගැන තමයි මේ කතාව.ඔය කට්ටිය මේ පොත් කියවල තියෙනවද බලන්න? කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං.
වැම්පයර් කාරයා අලුතින් පොතක් ලියලා තිබුනා චුල්ල වට්ටි ජාතකය කියලා. මේ ජාතකේ ප්‍රධාන චරිතෙ චුක පුට්ටි කුමාරිය. මේ කුමාරිට ගේම දෙන්න එන කිං තම්බි කියන අරාබි කාරි ගැන ලස්සන කතාවක් තියෙනවා. අන්තිමට කුමාරි බේර ගන්නේ පට්ටියේ මුක දාන සිටු තුමා.
කට්ටිය බලල තියෙනවද සෙල්ල වලවේ ගෙ පාකි නකින් බෙල තේරේ කියන චිත්‍රපටිය? ඕක හදල තියෙන්නෙ වනවාකම් කල්ල වඩන් කියන නව කතාවෙන්නෙ.
ඒ වගෙම ගීත රචනා තියෙන සිරි කැන්දූ පොතත් කට්ටිය බලල ඇති. කුරුළෑ වලට හොඳ අත් බේතක් වෙච්ච කැලැල් බරි හරි කැස්ලිම් මුරි යොදා ගැනීමේ වෙද පොතකුත් තියෙනව. ඔය අතරම වීර චාරිකා ගැන ලියපු වට ඇල්ල සමග, වනයක් සමග තරුවක් පොත් දෙකත් අගෙයි. බෙල්ලේ හැදෙන වණ ගැනත් ලියවිච්ච පොතක් මේ අතර තියෙනවා.
අපි ඉතින් මේ පොත් ගැන කියන්නේ පඩිය තකා වත්, පට්ටම් තකා වත් නෙවෙයි. අපි විනය තකා ගෙන වැඩ කරන නිසා. අපිට වැස්සෙන් පලක් නැතිවා වගේම, පායන කොට ගුණ නැති වෙන්නෙත් නෑ.

ජංගම දුරකතනයේ ආරක්ෂාව


ඔක්කොටොම මගේ ගානේ ඩ්‍රින්ක්ස්...

බාර් එකකට පැමිණි, හොඳට ම වෙරි වූ පුද්ගලයෙක් "ඔක්කොටොම මගේ ගානේ ඩ්‍රින්ක්ස්... ඔයාටත් එක්ක" යැයි බාර්මන්ට කීවේය.

එම පුද්ගලයාගේ ඇණවුමට අනුව ක්‍රියා කළ බාර්මන් "ගාන රුපියල් 5800 යි" කීවේය.


තමන් ළඟ මුදල් නැතැයි පුද්ගලයා කීවේය. කනේ පහර කිහිපයක් ගැසූ බාර්මන් එම පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලා ඔහු දොට්ට දැමුවේය.


ඊළඟ රාත්‍රියේ ඒ බේබද්දා ම යළි එම බාර් එකට පැමිණ බාර්මන් ද ඇතුළුව එහි සිටි සියලු දෙනාටම ඩ්‍රින්ක්ස් ඕඩර් කළේය. පෙර දින පරිද්දෙන් ම බාර්මන් එම පුද්ගලයාගේ උපදෙස් පරිදි ක්‍රියා කළේය.


ඉන්පසු බිලේ ගණන කී විට, තමන් ළඟ මුදල් නැතැයි එම පුද්ගලයා කීවේය. ඔහුගේ කන පැලෙන්න පහරක් දුන් බාර්මන් අනතුරුව එල්ල කළ පයින් පහරෙන් බීමත් පුද්ගලයා බාර් එකෙන් පිටතට වීසි විය.


තෙවැනි දින රාත්‍රියේද මේ පුද්ගලයා වෙරි මතින් අවන්හලට පැමිණියේය. බාර්මන් හැරෙන්නට අනෙක් සියලු දෙනාට ම ඩ්‍රින්ක්ස් ඕඩර් කළේය.


"මොනවා, මට ඩ්‍රින්ක් එකක් නැද්ද?" බාර්මන් ඇසුවේය.


"අපෝ නැහැ! බිව්වාම ඔයා හරි දරුණු වෙනවා" යැයි පුද්ගලයා පිළිතුරු දුන්නේය.

ඒ මගේ නෝනා...

"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.

බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.

"කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"

"අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.


"ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.

සී-සෑම...

ආයෙත් වැස්ස පටන් ගත්ත හින්ද සීයයි මායි දෙන්න එකතු වෙලා පහල කුඹුර අස්සද්දන අදහස් කලා....

ඔන්න ඉතිං නිවාඩු දවසේ දෙන්නත් එක්ක වැඩඩේට එන්ටර් උනා.හරක් දෙන්නත් ඈදගෙන සීය වෙලට බැස්ස.මට ඉතිං ඕව එච්චර හුරු නැති හින්ද ගොඩට වෙලා හිටිය...


සීය මෙන්න මෙහෙම අඩ හැරේකුත් දාගෙන බැහැලම වැඩ...

ආ..... ඇදපන් පුල්ලියා.... ආ... උඹත් ඇදපන් වයිරා......
ආ.... ඇදපන් මගෙ හදයා..... කෝ ඇදපං... ම‍‍ගෙ කලුවා...

ය‍කෝ හරක් ‍‍දෙන්නයි බැදල ඉන්නෙ සීය හරක් හතර පස් දෙනෙක්ගගෙ නම් කියනව.මම ඇහුව ඈ බං සීයෙ.. උඹ මොකෑ... ඔය හරක් ගොඩකගගෙ නම් කියන්නෙ කියල...


මුන්දැ කියනව....

නෑ බං මම දෙතුන් දෙනෙක්ගෙ නම් කියන්නෙ මුංට සපෝට් එකට තව එවුන් ඉන්නව කියල පෙන්වන්න... නැත්තම් උන් අදින්න කම්මැලි කොරනව...

සාර්ථක විවාහ දිවියකට මඟ

"සාර්ථක විවාහ දිවියකට මඟ" යනුවෙන් ප්‍රසිද්ධ දේශකයා පැවැත් වූ එම දේශනයට සවන් දීම සඳහා ශාලාව පිරෙන්නට සෙනඟ රැස්ව සිටියෝ ය.

"තමන්ගෙ බිරිඳ ගෙන් කරදර හිරිහැර විඳින අය නැඟිටින්න..." දේශනය අරඹා මඳ වේලාවකින් දේශකයා සභාව දෙස බලා කීවේ ය. එක් අයකු හැර ශාලාවේ සිටි සියල්ලෝම නැඟී සිටියහ.


"මේ ශාලාවේ ඉන්න දාහක් විතර පිරිසගෙන් ඔහේට විතරයි ප්‍රශ්න නැත්තෙ." දේශකයා නොනැඟිට සිටින තැනැත්තා දෙස බලා මදහසක් නඟමින් කීවේ ය.


"මට අංශ භාගෙ. තව කෙනෙකුගෙ උදව්වක් නැතුව මට නැගිට ගන්ඩ බැහැ. ඒකයි ඉඳගෙන ඉන්නෙ..." හේ කීවේ ය.

බෙහෙතෙ බලේ...

"මොකද්ද ඔහේගෙ ලෙඩේ?" තමා වෙත පැමිණි කොළඹගේ ගෙන් වෛද්‍යවරයා ඇසීය.

"මම ආවේ බෙහෙත් ගන්ඩ නෙමෙයි ඩොක්ටර්. ඔබතුමාට ස්තුති කරලා යන්ඩ." කොළඹගේ සිනාසී කීවේ ය.

"ඒ මොකටද?" වෛද්‍යවරයා තරමක් පුදුම වෙමින් සිනාසී ඇසීය.

"පසුගිය සුමානෙ අසනීප වෙලා ගෙනා වෙලාවේ අපේ මාමණ්ඩියට දුන්න බෙහෙත් බෝතලේට" කොළඹගේ කීවේ ය.

"ආ ඒ බෙහෙතෙන් ලෙඩාට හොඳ වුණා ද?" වෛද්‍යවරයා සිනාසෙමින් ඇසීය.

"නෑ... ඒ බෙහෙත් බෝතලෙන් භාගයක් බොන කොට ම අපේ නෝනට, තාත්තාගෙ දේපළ අයිති වුණා..." කොළඹගේ හිස නමා තම කෘතඥතාව පළ කරමින් කීවේ ය.

Patta Jokes Tikak

 

 

 

 


දුම්පානය කරන්නා සහ ගුවන්යානය

දවසක් දුම්පානය කරන්නෙක් ගුවන් තොටුපලකට වෙලා දුම්වැටියක් පානය කරමින් සිටියා.
මේ වෙලාවේ හොද වදගත් පෙනුම තියන මහත්මයෙක් අර දුම්පානය කරන්නා ලගට ගිහින් ඇහුවා

"මහත්මයා දවසකට දුම්වැටි කීයක් පානය කරනවද" කියලා

එතකොට දුම් පානය කරන්නා මහත්මයාගෙන් ඇහුවා
"ඇයි ඔයා ඒ වගේ ප්‍රශ්ණයක අහන්නේ?" කියලා.

වැදගත් පෙනුමැති මහත්මයා මෙහෙම පිලිතුරු දෙනවා
"ඔයා හැමදාම බොන දුම්වැටි වලට වියදම් වෙන මුදල් ඔක්කොම එකතු කරා නම් අද වෙනකොට ඔබ ඉදිරියෙන් තියන ගුවන් යානය ඔබට අයිති කර ගන්න තිබුනා"

එතකොට දුම් පානය කරන්නා මෙහෙම ඇහුවා
"මහත්මයා දුම් පානය කරනවාද?"

මහත්මයා "මම ජීවිතයේ කිසි දවසක දුම් පානය කරලා නෑ" කියලා උත්තර දුන්නා

දුම් පානය කරන්නා ආයෙත් මෙහෙම ඇහුවා
"එතකොට ඔය ඉදිරියෙන් තියන ගුවන් යානය මහත්මයාගෙද"

"අපෝ නෑ" වැදගත් මහත්මයා පිලිතුරු දුන්නා.

"මහත්මයගේ අවවාදයට ගොඩක් ස්තූතියි,ඔය ඉදිරියෙන් තියන ගුවන් යානය මගේ" දුම්පානය කරන්නා පිලිතුරු දුන්නා.

මෙම දුම් පානය කරන්නා කින්ග්ෆිෂර් ගුවන් සේවයේ(Kingfisher Airlines) හිමිකරු වන විජේ මාලියායි(Vijay Mallya).

මහත්තයගේ යාළුවෝ

නෝනගේ යාළුවෝ

ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල මහත්තයා නෝනාගෙන් අහනවා.
එතකොට නෝන කියනව එයා (කාන්තා)යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
මහත්තයා, නෝනගේ හොදම (කාන්තා)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ නෝන ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
10 දෙනාම නෝන ඒගොල්ලොත් එක්ක හිටියේ නෑ කියනවා..!


මහත්තයගේ යාළුවෝ

ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල නෝනා, මහත්තයාගෙන් අහනවා.
එතකොට මහත්තයා කියනව එයා (පිරිමී) යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
නෝන, තමන්ගේ මහත්තයාගේ හොදම (පිරිමී)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ මහත්තයා ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.

5 දෙනෙක්ම කියනවා මහත්තයා ඒගොල්ලොත් එක්ක තමයි ඊයේ රාත්‍රියේ හිටියේ කියල.

ඉතුරු 5 දෙනාම කියනවා ඊයේ රෑ විතරක් නෙමෙයි, තාමත් මහත්තයා ඉන්නේ ඒගොල්ලොත් එක්ක කියලා !!! 

  
බලන්න කොච්චර හොද යාළුවොද නේ...??!!

බබාලට මොකද වෙන්නේ

එක්තරා කාන්තාවක් තම පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් යනවා ගෙදර.හරියට වහිනවලු මේ වෙලාවේ.
වැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.මේ ගොල්ලන්ගේ වාහනේ එක පාරක ටිකක් හෙමින්ලු යන්නේ.මේ පාරේ ගනිකාවෝ පෝලිමට ඉන්නවලු මිනිස්සු අල්ලගන්න


මේ පොඩි බබා අම්මගෙන් අහනවලු " අම්මේ මේ ආන්ටිලා මොකද මේ පාරේ කරන්නේ


අම්මා කියනවා " ආ පුතේ ඒ අය ඒ ගොල්ලන්ගේ හස්බන්ඩ්ලා එන්කම් ඉන්නවා"


ටැක්සි ඩ්‍රැයිවර් පිටිපස්ස හැරිලා " නෑ බබො, මේ ගොල්ලේ සල්ලිවලට සෙක්ස් කරන ගනිකාවෝ" කියලා මේකා අම්මට කියනවා "පොඩි අයට අපි ඇත්ත කියන්න ඕනී මැඩම්"


බබා ඇස් උඩ ගිහිල්ලා. අම්මා කේන්තියෙන් බලන් ඉන්නවා ටැක්සී කාරයා දිහා


එතකොට මේ බබා ටිකක් වෙලා ගිහිල්ලා අහනවා

"එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මි"

අම්මා එකපාරම් කියනවා " ආ පුතා උන් ටැක්සි ඩ්‍රයිවර්ලා වෙනවා ලොකු උනාම"


ටැක්සි කාරයා කටවහගෙන වේගයෙන් ඩ්‍රයිව් කරනවා

නියම තාත්තා..

එක මිනිහෙක් එයගේ බිරිඳගේ දික්කසාද වෙලා තනියම ඉන්නේ. ඒ වුනාට මෙයට බිරිඳට හැම මාසෙකම රුපියල් 5000ක් දෙන්න ඕනී. මොකද එයාට පුතෙක් ඉන්නවා. එයා ඉන්නේ බිරිඳ ලඟ. මේ මසේ අන්තිමට පුතාට වයස 18යි. ඒක නිසා මිනිහට තියෙන්නේ අන්තිම දීමනාව මේ මාසේ අන්තිමට දෙන්න.

පුතා ආවා සල්ලි අරන් යන්න. මෙයා පුතාට කීවා "පුතේ මේ මම උඹලාගේ අම්මට දෙන අන්තිම දීමනාව.උඹට හෙට ඉඳන් 18 ක් නිසා මට ආපහු ගෙවන්න ඕනී නෑ. උඹ මේක අම්මට කියලා, අම්මගේ මූන වෙනස් වෙන හැටි විගහට ඇවිල්ලා මට කියපන්"

පුතා ටික වේලාවකින් ආපහු ඇවිල්ලා කියනවා " තාත්තේ අම්මා මට ලොකු රහසක් කීවා දැන්"


තාත්තා අහනවා මොකක්ද කියලා.පුතා පිළිතුරු දෙනවා " මගේ නියම තාත්ත ඔයා නෙවෙයිලු"

ඇම්ඩන්ගේ කැටපෝලය

ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.

දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ

ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
"හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ"......

"අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"

ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල

"හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍....." ඩොකා ඇහුව

"කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."

ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න

"හරි පුතා ඊට පස්සෙ......"

"ඊට පස්සෙ ජංගිය ගලවනව"

"හරි හරි ඊට පස්සෙ...."

"ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....

"හරි ඉතිං ඔයාම කියන්නකො....."

"ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....." ඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුනා

පෙරේරාගේ විවාහ සංවත්සරය

පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට

පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
බිරිඳ- ඔයා කොහොමද දන්නේ
පෙරේරා- මට යාලුවෙක් කීවා
බිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු

පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයාහලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය

බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේ
පෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට

මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර් කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවදනැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීය

බිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේ
පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ

ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමිනආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ
බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී

පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන

බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුයසමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටීපෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේයදැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටීටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා

ආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේවෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය

සොරි අනේ

එක්තරා පුද්ගලයෙක් එක කෙල්ලෙක් දැකලා පුදුම ආශාවක් ඇති වෙලා.මෙයා කොහොම හරි මේ කෙල්ල එක යාලු වෙලා කාරෙකට දා ගෙන ටවුමෙන් හැතප්ම 5 දුරක් ඈතට ගිහිල්ලා කෙල්ලට අයුතු යෝජනාවක් කරාලු.කෙල්ල ඒක ප්‍රතික්ශේප කරා.පස්සෙ මේ මිනිහා කිව්වා එහෙනම් ඔයාට පයින් තමයි ආපහු යන්න වෙන්නේ කියලා.කෙල්ලත් කමක් නෑ කියලා පයින් ටවුමට ආවලු.

පස්සේ මූ ආපහු මේ කෙල්ලව රවටලා ටවුමෙන් හැත්ප්ම 10 ක් ඈතට මෙයාව කාරෙකේ දාගෙන ගිහිල්ල ඒ අයුතු යෝජනාව කරාලු.කෙල්ල බෑ කියලා ආපහු පයින් ටවුමට ආවලු.

තුන්වැනි පාර මේ මිනිහා කෙල්ලව රවටාගෙන අරගෙන ගියාලු හැතප්ම 100 ඈතට. මේ පාර වැඩේ හරිගියා.කෙල්ල කැමති වුනා.මූ ගේම දුන්නා.දැන් කෙල්ලව ටවුමට කාරෙකෙන් ගෙනෙල්ලා මේ මිනිහා කෙල්ලගෙන් අහනවා මොකද මේ පාර ඔයා කැමති වුනේ කියලා

කෙල්ල කියනවා මට පුද්ගලයෙක්ව ඒඩ්ස් වලින් බේර ගන්න හැතප්ම 5ක් 10ක් පයින් ඇවිදගෙන යන්න පුලුවන්.හැතප්ම 100ක් නම් කොහොමවත් පයින් යන්න බෑ.සොරි අනේ කියලා බැහලා ගියාලු

ජරාම දවස..

එක පත්තර කාරෙයෙක් නගරයේ ඉඳන් ගමකට ගියාලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන් ගමට ගියා. 

අතර මගදි එක තරුනයෙක් හම්බ වුනා.මේ තරුනයාගෙන් මේ ගමට යන පාර ඇහුවා.මිනිහා කීවා " අයියේ ඔයා යන්නේ අපේ ගමට.මම පාර පෙන්නනම් කියලා මිනිහා කාරෙකට නැංගා.ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය මේ තරුනයගෙන් අහනවා " ඔයගොල්ලන්ගේ ගම එකමුතුයි නේද"

තරුනයා- ඔව් අපි හරිම එකමුතුයි

වාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් රටටම දෙන්න පුලුවන්

තරුනයා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.මුලු ගමේම කොල්ලො කැලයට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා දිවා රෑ බලන්නේ නැතිව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බ වුනා කැලයෙදි. මේ කෙල්ලට ගේමකුත් දීලා ගමට එක්කගෙන ආවා
තව පාරක් ගමේ එලුවෙක් කැලයෙදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන ඌටත් ගේමක් දීලා තමයි අරන් ආවේ

වාර්තාකාරයා- ඔයගේ ජීවිතේ අමතක නොවන කාලකන්නිම දවස මොකක්ද

තරුනයා- එක දවසක් මම කැලේ අතරමං වුනා.එදා තමයි ජරාම දවස

GOD invented Porn


ෂාරුක් ඛාන් ලංකාවට ආපු වෙලේ...

ඔන්න ඉතින් මෙයා ලංකාවට ආවම මේ වගෙ කාට උනත් අනිවා මූණ දෙන්න වෙන දේ ඛාන් ටත් උනා. ඒ කියන්නෙ මාධ්‍යවේදීන් විසින් වටකරගෙන ප්‍රශ්න අහන එක..

ඛානුත් ඉතින් පොඩ්ඩක් නැවතිලා මේ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
මෙයාට සිංහල බැරි නිසා කට්ටිය ඉතින් ඉංග්‍රිසියෙන් තමා සන්නිවේදනය කරන්නෙ.

ඔය අතර හිටියා හිංදි පිස්සෙක්. මිනිහා නිතර හින්දි චිත්‍රපටි බලන නිසා හින්දි ටිකක් ගැට ගහගන්න පුලුවෙනි. ඉතින් මෑන් වැඩ පෙන්නන්නත් එක්ක ඛාන් ගෙන් ප්‍රස්නයක් ඇහුව, හින්දියෙන්..
"ඛාන් ජී, තුම්හාරේ මේ ක්ෂේත්‍රේ සෙ කේසේ ආගයී?"

ඛාන් තුමා උඩ බිම බැලුවා. ටික වෙලාවක් කල්පනා කරලා මිනිහ එතනින් හෙමිහිට මාරු උනා..

ඉන්පසු...

මාධ්‍යවේදීන්: මොකො මෙයා මාරු උනේ? ඉන්දියාවෙ හිටියට හින්දි තේරෙන් නැද්ද??

ෂාරුක් ඛාන්: මොකක්ද අරූ ඇහුවෙ, මට තේරුනෙ නෑනෙ. ෂික්! මම නොදන්න හින්දිත් තියෙනව වගේ...

ප්‍රශ්නෙ අහපු මාධ්‍යවේදියා: හුටා! දැන්නෙ මතක් උනේ!! "ක්ෂේත්‍රේ" කියන්නෙ සිංහල වචනයක් නෙ!

ගාන වැඩියි...

නඩුවක්‌ සම්බන්ධයෙන් උපදෙස්‌ ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක්‌ නීතිඥවරයෙකු හමුවීමට ගියේය.

"ඔබේ ගාස්‌තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."

"ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

"ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.

"ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්‍රශ්නය මොකද්ද? නීතිඥවරයා උස්‌ හඬින් ඇසුවේය.

පැරණි බඳුන

කෞතුකාගාරය තුළ යමක්‌ උස්‌ හඬක්‌ නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක්‌ බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.

"දෙයියනේ... ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක්‌ නෙ." කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.

කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක්‌ පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.

"යාන්තම් ඇති... මම හිතුවෙ ඒක අලුත් එකක්‌ කියල..."

බහිරවයා

සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.

ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.


තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය.

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.


දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය.


"ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.

"ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න" සැමියා සමාව ඉල්ලා සිටියේය. 


"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්" යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.


"හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, "මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!"


"අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි.


"හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය.
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, "මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා" යැයි කීවාය.


"හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය.

"හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.

"මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!" යැයි බහිරවයා කීය.

එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??"


මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය.

"ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය.


ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?"

"ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

"සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???"

Shopping bag swimming kit


Lorry 4 sale...


නීතිඥවරයාගේ රිය අනතුර

අලුත් කාරයක් මිලදී ගත් නීතිඥවරයෙක් එය තම මිතුරන්ට පෙන්නා උදම් ඇනීමේ දැඩි ආශාවකින් පෙළෙමින් සිටියේය. දිනෙක ඔහු කාරය මහමග නතර කරගෙන සිටියදී වේගයෙන් පැමිණි ලොරියක් රියැදුරු අසුන පැත්තේ ඔහු සිටගෙන සිටිද්දී දොරත් කඩාගෙන ගියේය.

“අයියෝ...!” යනුවෙන් ඔහු කෑගැසුවේ කොතරම් දක්‍ෂ මෙකැනික්වරයකුට වුවද දොර තිබූ පරිදිම යළි සවිකිරීමට නොහැකි බව ඔහු ඉඳුරාම දැන සිටි නිසාවෙනි. මේ අතර පොලිස් භටයෙක් එහි පැමිණෙනු දුටු නීතිඥවරයා ඔහු වෙත දිව ගොස් මෙසේ කීවේය. “මගේ ජගුවර් කාරයේ දොර කව්දෝ මෝඩ රියදුරෙක් මේ දැන් කැඩුවා!”

“ඔබ නීතිඥයෙක් නේද?” පොලිස් භටයා ඇසුවේය.

“ඔව්, මම නීතිඥයෙක් තමයි. නමුත් ඒකෙයි මගේ් කාර් එකෙයි තියෙන සම්බන්ධය මොකද්ද?” නීතිඥවරයා පිළිතුරු දුන්නේ ය.

එවිට පොලිස් භටයා මෙසේ කීවේය. “නීතිඥවරු හැම තිස්සෙම තමන්ගේ බඩු භාණ්ඩ ගැන විතරයි අවධානය යොමු කරන්නේ. ඔට්ටුයි ඔබ තවම දන්නේ නැහැ ඔබේ වම් අත නැති වෙලා කියලා. එහෙම නේද?”
නීතිඥවරයා ඔහුගේ වම් පැත්ත බලා මෙසේ මොර දුන්නේ ය.

“අයියෝ! මගේ රොලෙක්ස් ඔරලෝසුව.”

Indian English

An Italian, French and Indian went for a job interview in England.

Before the interview, they were told that they must compose a
sentence in English with three main words:
green , pink and yellow

The Italian was first: "I wake up in the morning. I see the Yellow sun see the green
grass and I think to myself, I hope it will be a pink day."

The French was next: " I wake up in the morning, I eat a yellow
Banana, a green pepper and in the evening I watch the pink Panther on TV.


Last was the Indian: "I wake up in the morning, I hear the phone

" green green ", I " pink " up the phone and I say " Yellow"

නංගිගෙ සිප් එක

ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. 

ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. 

ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා....” කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

"අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!"

මරණ දඬුවම

ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු.
(කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.) 

ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුයි , රුසියාවේ පොරකුයි , එංගලන්තේ එකෙකුයි ලංකාවේ ලංකාවේ ඩයල් එකකුයි සතුරු හමුදාවට කොටු උනාලු. 

දැන් මේ එක එක්කෙනා ගෙන්නලා වෙඩි තියල මරන්නලු හදන්නේ. ඉස්සෙලම ගෙන්නුවලු ඇමෙරිකන් කාරයා. දැන් ඌව එළිමහනක හිටවල තියෙනවලු. ඉස්සරහ ඉන්නවලු තුවක්කු මානාගෙන 10 ක්, අණ ලැබුණු ගමන් වෙඩි තියන්න. ලොක්ක අණ දෙනවලු.

“වන්” ” ටු” “ත්‍රී” කියනකොටම ඇමෙරිකන් කාරය කෑ ගැහුවලු ”tornado , tornado ” කියල. . ඉතින් කට්ටිය කලබල උනාලු. ඒ අතරේ මේක පැනල ගියාලු.

දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ නොවැ. ඊ ලඟට ගෙන්නුවා රුසියන් කාරය. ඌවත් දැන් හිටවල තියෙනවා. ලොක්ක අණ දෙනවා.

“වන්” “ටු” “ත්‍රී” කියනකොටම රුසියන් කාරය කෑගැහුවලු “earthquake …earthquake ” කියල. කට්ටිය කලබල උණු අතෙරේ මේකත් පැන්නලු.

වෙච්චි දෙයක්. ඊළඟට ගෙන්නුවලු ඉන්ග්ලිෂ් පොර. දැන් ඌටත් වෙඩි තියන්න අණ දෙනවලු.

“වන්” ටු’ “ත්‍රී” කියනකොටම මූ කෑගැහුවලු “tsunami tsunami ” කියල. කට්ටිය අයෙත් කලබල උනාලු. ඒ අතරේ මේකත් පැන ගත්තලු.

දැන් ඉතින් අන්තිමට ගෙන්නුවලු ලංකාවේ ඩයල් එක. මූ ඔක්කොම සීන් එක බලගේනලු හිටියේ. දැන් මේකවත් හිටවල ලොක්ක අණ දෙනවලු.

“වන්” “ටු” “ත්‍රී” කියනකොටම මූ කෑ ගැහුවලු. “fire … ” කියල…………… දෙපාරක් කියන්න උනෙත් නෑ මයෙ හිතේ.

බිරිදගේ ප්‍රේමවන්තයා

 


අලුත්ම රැකියා


ලංකාවේ පිළිගත් ආයතන වල ඇති පුරප්පාඩු පිරවීම සදහා දැන් නවක සේවකයින් බදවාගනු ලැබේ


1.ශ්‍රී ලංකා ටෙලිකොම්

2.ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව

3.ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව

4.සිලෝන් බිස්කට් සමාගම



අධ්‍යාපන සුදුසුකම් අනුව අතනතුරු වල ස්වභාවය වෙනස් වේ !

ඉහත ආයතන වල සේවක පුරප්පාඩු ඇති බැවින් ඉක්මන් කර අයදුම් කරන්න ..

රැකියාවේ ස්වභාවය


1. ශ්‍රී ලංකා ටෙලිකොම් -

රැකියාව - 8.30 පෙ.ව සිට 6.00 ප.ව දක්වා දුරකතනයේ ඇසෙන (රින්ග් ටොන්) බීප් බීප් නාදය නොකඩවා කටින් පිට කිරීම ..
වැටුප් - ආකර්ශනීය වැටුපක් ලබාගත හැකි



2. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව -

රැකියාව - 8.30 පෙ.ව සිට 4.00 ප.ව දක්වා පාරිබෝගිකයිට මුද්දර ඇලවීම සදහා (දිව ) එලියට දාගෙන සිටීම

වැටුප් - ආකර්ශනීය වැටුපක් ලබාගත හැකි

3. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව -

රැකියාව - 8.30 පෙ.ව සිට 12.00 ප.ව දක්වා කඩින් කඩ (NO signal tone ) එක කටින් පිට කිරීම
වැටුප් - ආකර්ශනීය වැටුපක් ලබාගත හැකි

4. සිලෝන් බිස්කට් සමාගම -

රැකියාව - 9.00 පෙ.ව සිට 08.00 ප.ව දක්වා මාරි බිස්කට් වලට හිල් විදීම

 
වැටුප් - ආකර්ශනීය වැටුපක් ලබාගත හැකි