මදුරුවා

දවසක් හැඩ පොෂ් කෙල්ලක් කොටම කොට සායක් ඇදගෙන බස් එකකට නැග්ගලු.

හැමෝම බලන්නේ ඉතින් කෙල්ලගේ කකුල් දෙක දිහාලු. (පෙන්නන එකේ බැලුවම මොකෝ) ශීට් එකක් නැති නිසා කෙල්ල හිට ගෙනලු හිටියේ.


ටික වෙලාවක් ගියාම අම්මට සිරි එකපාරට කුපාඩි මදුරුවෙක් ගියාලු කෙල්ලගේ සාය අස්සට. දැන් ඉතින් කෙල්ලට කිචි වගේ

මදුරුවා කනවටත් බයයි, ඩෙංගු මදුරුවෙක්ද දන්නෙත් නැනේ.

කෙල්ල දැන් ඉතින් මදුරුවා කනකොට ඉවසා ගන්න බැලුව එහෙට අබරෙනවලු මෙහාට අබරෙනවලු. (සීන් එක මවලා මතක් කර ගන්න එකයි ඇත්තේ)


අම්මට සිරි, කෙල්ල අඹරන ඇම්බරිල්ලට කෙල්ලට ගියාලු මෙච්චර වෙලා හිර කරගෙන හිටපු පත පඩයක් "ඩොන්" ගාල මහා සද්දෙට. කෙල්ලට ඉතින් වස ලජ්ජාවලු. ඇයි ඉතින් සේරම බලන් ඉන්නේ මේ සීන් එක දිහා නේ.

කෙල්ල ගාව වැඩිවෙලා හිටිය සීයා කෙනෙකුත් මේක බලන් හිටියලු. සීයා කියාපි හැමෝටම ඇහෙන්න...

"අන්න හරි දුවේ, ඩෙංගු මදුරුවෝ තියන්න එපා. අඹරලා බැරි නං වෙඩි තියලා හරි මරලා දාන්න ඕන"

කෙල්ල බෙල් එක ගහල ඊලග හෝල්ට් එකෙන්ම බැස්සලු.