සමාවට කාරණයක්

සැඳෑ කාලයේ තම ස්පෝට්ස් කාරයෙන් ගමන් කරමින් සිටින පුද්ගලයෙකුට වේගයෙන් සිය රථය පැදවීමට ආශාවක් ඇති විය. ඔහු රථයේ වේගය පැයට සැතපුම් 120 දක්වා වැඩි කළේය.

ඒ සැණින් ඔහු පිටුපසින් රතු හා නිල් ලයිට් පත්තු වනු ඔහු දිටීය. පොලිස් වාහනයට අහු නොවී පලා යාමට තීරණය කළ ඔහු තත්පර කිහිපයකට තම රථයේ වේගය තවත් වැඩි කළද අවසානයේ නුවණ පෑදී මාර්ගයේ පසෙකින් රථය නතර කළේය.


ඔහුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරියෙක් පැමිණියේය.


මේ බලනවා ! උදේ ඉඳන් වැඩ කරලා මට හරි මහන්සියි පොලිස් නිලධාරියා කියා සිටියේය.අද දවසට මගේ අන්තිම රාජකාරිය මේකයි. මට තවත් පෝර්ම පුරව පුරව ඉන්න කැමැත්තක් නැහැ.


ඔබ ඔය ආකාරයෙන් රිය පැදවීම ගැන මම වෙනත් අයගෙන් මීට ඉස්සර අහල නැති සමාවට කාරණයක් ඔබට දෙන්න පුළුවන් නම් ඔබට යන්න පුළුවනි
.

මදක් කල්පනා කළ රියැදුරු මෙසේ කීවේය.


ම්. . . ගිය සතියේ මගේ බිරිය පොලිස්කාරයෙක් එක්ක පැනලා ගියා. ඔබේ කාරය දැක්කම එයා ආපහු ඇයව මට බාර දෙන්න උත්සාහ කරනවා කියලා මට බය හිතුණා


ඔබට සුබ රාත්‍රියක් ! දැන් යන්න පොලිස් නිලධාරියා කීවේය.